” අනේ රහීම් , හලාල් ගැන අදහස් කරන හැටි මේ සිංහල අපට වටහා දෙන්න. ”
මේ වචන ටික ඇසූ මම ඉතා සතුටට පත්වූයෙමි. විවිධ සමාජීය සංස්කෘති සිරත් විරිත් ව්‍යවහාර වන භාෂා ප්‍රයෝග ගැන නිසි ලෙස වටහා ගැනීම , ශ්‍රී ලංකාවේ ඇති ජනවර්ග සහ ආගම් අතර අන්‍යොන්‍ය අවබෝධ ඇති කරගැනීමට අත්යඅවශ්යවේ.
ඒ නිසාම මිතුරිය ඔබේ අදහස ඉල්ලීම ඉතා අගය කරමි. මම මෙතනදී ‘හලාල් කියන්නේ අනුමැතිය’ටය. යනුවෙන් පමණක් කිවතොත් අපැහැදිලි බව දනිමි. ඒ පිළිබද විස්තර දීර්ඝ වනවා නම් මට සමාවෙන්න.
ඉන්දියානු හා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු පමණයි බහුලව දමිළ භාෂාව කතාකරන්නේ.
නමුත් ඔවුන්ගේ දමිළ භාවිතයේ සියයට පනහක්ම (50%) අරාබි පද මිශ්‍ර ව්‍යාවහාර වනු ඇත.
කීවානම් මම නිවැරදියි. මෙය ලංකාවේ ඉස්ලාමීය දමිළ සාහිත්‍ය සංගම් වල ‘යෝනක දමිළ’ බවට හªන්වා දී ඇති විත්තියක් මගේ පුංචි කාලයේදීම කියවා ඇත්තෙමි. මේ අනුව මුළු ලෝකයේම මුස්ලිම්වරු භාවිතා කරන ‘හලාල්’ යන අරාබි පදය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන ජීවිතයට කා වැදී තිබෙන්නාවූ ඉවත් කරන්නට බැරි දේව නීතියක් සමඟ සම්බන්ධ වූ වචනයක් ක්‍රියාවක් බවට පත්වී තිබීම පුදුමයක් නොවේ.
හලාල් යන පදියට අරුතය ‘අනුමැතිය’ කියනවා වාගේම එයට විරුද්ධ පදය හරාම් , අරුතය – ‘තහනම ’ ගැනත් වැටහිමක් තිබිය යුතුය.
පසුගිය කාලයේ මේ හලාල්, හරාම් ගැන වැටහීමක් නැතුව වතුර බෝතල් වලට හා බිත්තර ඇසුරුම් වලට පවා හලාල් ලාංජනය මෙන්ම අහස් යානයටත් හලාල් ෆ්ලයිට් එනවා කී බව පත්තරයක දැක්කෙමු. අපි සිනහවකින් නිහඬවුයෙමු. සමීපයේ ඇතිවූ හලාල් ආන්දෝලනය නොයෙකුත් විශ්වරූප රැුගෙන අවසානය ද දැක ඇත. ඒවා හරි හැටි දැක නීරීක්ෂණය කළොත් මේවාට පරමාර්ථ , පසුබිම් ඇති වග ද හොඳටම පිළිබිඹු විය. අවසානයේ මෙය මුළු ලෝකයටම විහිළුවක් සේය. මනුෂ්‍ය වර්ගයාට අයහපත්ව විරෝධය පාන්නට නම් කලහකාරී වැඩ කිරීමෙන් සතුටක් වෙන්නට පුළුවනි.
ඒකයි හලාල් වලින් පටන්ගෙන මොන මොන දේ වලින් මේ මුස්ලිම් ජනයා අවුස්සා භේද භින්නයේ පටලවන්න නොයෙක් උත්සාහ දැරුව ද සමාදානය ,එකමුතුබව, රටේ ඒකීයභාවයට කවදත් කැමැත්ත වන මුස්ලිම් ජනයා හා වගකිවයුතු ප්‍රධානීහු නිසිලෙස මුහුණ දීමට මානව වර්ගයාගේ සහජීවනය පවත්වා ගන්නේ කෙසේ දැයි නිරූපනය කළහ. අල්හම්දුලිල්ලාහ් ෟ (සියළු ප්‍රසංසා අල්ලාටමය ෟ)
අපේ මාතෘකාව සීමා තුළ ගෙනෙනු පිණිස නැවත හලාල් සම්බන්ධ විපක්ෂයටම එනම් හලාල් සම්බන්ධ විෂයටම එමි. ‘හලාල්’ යනු කුමක් ද? එය ඉස්ලාමීය ජීවිතයට බලපාන්නේ කෙසේ ද?
ලොව පහලවූ පළමු මිනිසා වූ ආදාම් නබිතුමාට ලොව ජීවත් වන්න පටන්ගත් පළමු දවසේ මඟ පෙන්වීම සඳහා අල්ලා විසින් දායාද කළ ‘ඉස්ලාම්’ යන ප්රතිපත්තියකි. ජීවන සැලැස්මකි. මිනිස් ජීවිතයේ සෑම ක්‍රියාවකටම ඉස්ලාමීය මඟපෙන්වීමක් ඇත.
අල්ලාහ් තම ප්‍රතිපත්තිය ලොවට හඳුන්වාදීමට ලොව පහළවූයේ නැත. මිනිස් රූපයේ පෙනී සටියේද නැත. එහෙත් මිනිසුන් අතර ශේ්රෂ්ඨමත් අය තෝරා තම වක්තෘවරුන් නබිවරුන් ලෙසට පත්කර ඔවුන් හරහා තම දහම හªන්වා දුන්නේය. මෙසේ වක්තෘවරු ( නබිවරු) එක්ලක්ෂ
විසිහාරදාහක් පමණ මෙලොවට පහලවී ඇත. ආදම් වක්තෘවරයාගෙන් පටන්ගෙන කාලෙන් කාලෙට රටින් රටට, සමාජයන් අතරට අල්ලාහ්ගේ ඉස්ලාම් දහමේ ප්‍රතිපත්තිය පහළ කරගෙන විත් අවසාන වක්තෘ මුහම්මද් නබිතුමානන්ට සම්පූර්ණයෙන් පහළ කර සමන්විත කරයි. මුල් නබි ආදම් සිට මුහම්මද්තුමා දක්වා වූ වක්තෘවන්ට පහළ කළ එකම මූලික ප්රතිපත්තියයි. ලොව පවත්වාගෙන ආ දහම ගැන කුර්ආනයේ ”අල්ලාහ් වෙත අනුමත කළාවූ එකම ජීවන සැලැස්ම (ආගම ප්‍රතිපත්තිය)
ඉස්ලාම් වේ” (අල්කුර්ආන් :!19)
අල්ලාහ් තහවුරු කර මෙසේ පවසයි. මෙයින් කියවෙන ජීවන සැලැස්ම පිළිපදිද්දී හරාම් හලාල් අනුගමනය කළ යුතුයි. තමන් සිතූ අයුරු ජීවත්වෙන්න බැහැ. එයට අපි කුර්ආනයට සරිලන ජීවිතයක් ගත කළ මුහම්මද් නබිතුමාගේ ජීවිතාදර්ශය මුල් කරගෙන ජීවත් වෙනවා.
එතුමා අල්ලාහ්ගේ අණ පරිදි යහපත් දේ කිරීමට ද අයහපත් දේ වලින් වැලකී මට ද
අවවාද කළසේක. ඇරත් හොඳ දේ අනුමත (හලාල් ) කරන නරක දේ තහනම් ( හරාම්)
ලෙස වැලැක්වීමට කළ සේක. තවත් ජන සමාජය මත පැටවී තිබුණාවූ බර
ශ්‍රම හිංසා තුරන් කළහ. මෙතුමා විශ්වාස කළ අපි සර්ව බලධාරී මැවිලිකරුවන් වන
අල්ලාහ්ගේ කුර්ආන් වාක්‍ය වලට කවදත් අවනත වෙමු. එනම් ” පොලොවේ ඇති වස්තු වලින් අනුමත කළ දේ (හලාල් වූ දේ ) පාරිශුද්ධ වූ දේදඅනුභව කරන්න”
අල්කුර්ආනය : (සුරා 2.ආයා 168)
තවත් තැනකදී අල්ලාහ් කියනවා මෙසේය.
” උල්ලාහ් ඔබලාට අනුමත කළ හලාල් වූ හොඳම දේ අනුභව කරන්න (සුම්.ආ 88)
ඳමෙවැනි අනුමත කරන කෑම ගැන තවත් බොහෝ වාක්‍ය කුර්ආනයේ ඇත.
කෑම ගැන ආගම් ධර්ම වල හිතකර අහිතකර දේ මත විධි විධාන ඇත.
උදාහරණයට පැවිදි නමකට කෑමට තහනම් වූ මාංශ වර්ග 10ක් ඇති බව දනිමු.
හින්දු ධර්මයේත් කෑම සම්බන්ධව නීති රීතිඇත. සුරා පානය ගැනද එයින් ඇති හානිය
ගැන ද බොදු දහම කියයි. ක්‍රිස්තියානි බයිබලේ (ලේවියර් ආගමේ 7,8 හි) ඌරු මස් කෑම අපිරිසිදු බව පවසයි. ඉස්ලාම් ධර්මයේ ද එය හරාම් (තහනම්)ය.
ඉස්ලාමයේ අනුමත කළ සතුන්ගෙන් වුනත් , මැරිච්ච සතා,ලෙඩවූ සතා අල්ලාහ් ගේ
නාමයෙන් බිලිනොදුන් සතා, ලේ, කෲර නිය ඇති සත්තු, ජලය හා ගොඩබිම් දෙකෙහිම
ජීවත්වන සත්තු පිළිකුල් ,ඒවා සියල්ල හරාම්ය. එනම් හලාල් වූ දේ නොවේ.
තවද පොළිය ලැබීම දීම, අයහපත් උපැයුම් හා ඒවායින් කෑම යැපීම තහනම්ය.
ඒ සමඟම මත්පැන් , මත්ද්‍රව්‍ය ද තහනම් වේය.
මුස්ලිම්වරුන්ට පමණක් නොව ලොව සියලූ ධර්මයන්ගෙන් තහනම් කළ දේවල්
යථාර්තයෙන් විද්‍යානුකූල පර්යේෂණ වලින් තහවුරු වී ඇත. ඌරු මස් වල තියෙන Taenia Solivm ප.. ටීනියා සෝලියම් යන පටි පණුවාත්, Ttiquina ට්රික්කීනා නමැති පට පණුවාත්, මනුෂ්‍ය වර්ගයාට භේද නොතකා භයංකර ලෙඩ රෝග වලට පත්කරයි.
ඒ නිසා හොඳනරක කාටත් පොදුයි. අපිමේ හරාම් හලාල් අනුගමනය කරන්නේ කෑම බීමට පමණක් නොවේ. අපේ කතා බහේදී , අදින ඇඳුම් වලදී ජීවිතයේ දී ගමන් බිමන් වලදී විවාහයේදී ,ගනුදෙනුවේදී යුතුකම් වගකීම් ඉටුකරද්දී පවා බොහෝ අංශ වල හලාල් හරාම් නියතයන්
අනුගමනය කෙරේ. උදාහරණයට, විවාහයකදී විවාහ වීමට අනුමැතිය
ඇත්තෝ හලාල් වූ අය යනුවෙන් ද,විවාහ වීමට තහනම් අය හරාම් වූ අය
වෙනුවෙන් ද සලකති.
දැන දැන හෝ නොදැන හෝ සමහර කෑමවල හරාම් වූ අහිතකර දේ මිශ්‍ර කිරීම සොයා
ගත්දා සිට මෙසේ හලාල් සහතික වලින් තහවුරු වන කෑම පමණක් අපි තෝරාගත්තෙමු.
කෑම සම්බන්ධව හලාල් සහතිකය දෙන විට මිනිසා කෑමට ගන්න සුදුසුම නම් පමණයි
නිකුත් කරන්නේ. මිනිසුන්ට හානිය ගෙනදෙන කිසිම නිෂ්පාදනයකට හලාල්
සහතිකය නිකුත් කරන්නේ නැත. මේ ගැන අවධානය යොමු කළ මුස්ලිම් නොවන අය,
හලාල් සහතිකය ලත් නිෂ්පාදනයම ඉල්ලා ලබාගන්නා සංඛ්‍යා වැඩි විය.
තායිලන්තය ප්‍රජාතන්ත්‍රික බෞද්ධ රටකි. ලෝකයේ අති ශ්‍රේෂ්ඨ උසස් තාක්ෂණයෙන්
යුතු හලාල් විද්‍යාගාරයක් ( The Halal science Center – HSC ) නමින් මෙහි තිබේ.
මෙය 2003 වර්ෂයේ ඉදිකළෝය. මෙම විද්‍යාගාරය තායිලන්තයේ ‘සුලාලොංකොන්
විශ්ව විද්‍යාල භූමියේ පවත්වාගෙන යති. වර්ෂ 2006 දී පර්යේෂනයකදී වාර්ෂික ලෝක
හලාල් වෙළඳාමේ අමෙරිකානු ඩොලර් මිලියන 2000 කට වඩා ඉපැයූ වගදැනගන්නට ලැබිණි.
මෙසේ ආර්ථික වාසිය ගෙන දෙන රටට විදේශ විනිමයත් ගෙනදෙන, හලාල් වෙළඳ පොළගැන ඇයි නොසිතන්නේ? හරාම්, හලාල් ක්‍රමය අනුගමනය කිරීම පමණයි මුස්ලිම්වරුන්ගේ උරුමය.එය අල්ලාහ් විසින් මිනිසුන්ට දුන් උරුමය. ඒ උරුමය කාටත් වෙනස් කරන්න බෑ.
මේ හලාල් හරාම් උරුමයමුස්ලිම්වරු පිට කාටත් බලෙන් කවන්න ගොස් නැත. හලාල් සහතිකයේ ස්ථාවරය , පිරිසුදු කම, ආරක්ෂිත ස්තරම් බව දැනගත් උදවිය හලාල් සහතිකය තියන නිෂ්පාදනයම ඉල්ලා ගෙන ගියහ. කරුණු මෙහෙමය.” හලාල් අපට එපා. අහෝසි කරව්” යන නාදය
රැුව් පිළිදෙයි තාම. අල්ලාහ්ගේ උරුමය නැතිකිරීම , හලාල් නැති කිරීම හෝ වෙනස් කිරීමේ අයිතිය අල්ලාහ්ටමයි. මෙහෙ ඉන්න සහෝදරවරුන්ට වෙළඳ ද්‍රව්‍යයේ නාම ලේඛනය හෝ හලාල් ලාන්ජනය සහතිකය නැතිකරන්න පුළුවන්.
හලාල් සහතික නැතුවට හරාම් හලාල් තෝරගන්න පුළුවන් ඥානය හා තද විශ්වාසයෙන් යුතුව මුස්ලිම්වරු ජීවත්වෙති. ඔවුන්ගේ සිත් ඇදහිලි වෙනස් කරන්නට බැරිය. කල් යනකොට අල්ලා අපට සමගි මාර්ගයක් හෝ විකල්ප මාර්ගයක්උදාකරාවි” යි විශ්වාස කරමු.
මම මේ විෂය සම්බන්ධවූ සිද්ධියක් ගැන කියවූ දේ බෙදා හදාගන්න කැමතියි. මුස්ලිම් කඩයකින් බඩුගත් මුස්ලිම් නොවන ස්ත්‍රියක් එක් භාන්ඩයකට මිළ අඩුකර දෙන ලෙස බලකර ඇත.
ඒ මිළට දෙන්න බැරි යැයි මුදලාලි කී විට, ගත්තු බඩු සියල්ල නැවත තබා හලාල් සම්බන්ධ කර මොකක්දෝ කියා බැනලා තරහෙන් ගොස් ඇත. හදිස්සියේ එළිබැස ගිය ස්ත්‍රිය මුදල් පසුම්බිය තිබුණ පොදියඅර් යන්න අමතක වෙලාය. පැය කිහිපයකට පසු නැවතඒ ස්ත්‍රිය ඇවිත් තමා හැරගිය පොදිය ගැන අසා විපරම්කර ඇත. ඒ මුස්ලිම් වෙළෙන්දාට එක එල්ලේම තමා දන්නේ නැතැයි
කීමට ඉඩ තිබිණ. නමුත් එසේ නොකළේය.
මුදග් පසුම්බිය ආපසු දීලා මෙසේ කියා ඇත. ඔබ මගේ බඩුමිළ අඩුකරනලෙස බලකළා. මම බැහැ කීවේ , එයින් ලැබෙන ලාභය පමණයි මට හලාල් (අනුමත කළ දේ )මේ හතලිස් අටදාහ ඔබේය.
එය මට හරාම් ( තහනම් කළ දේය.) ඉස්ලාම් හි මේ උතුම් ප්රතිපත්තිමම අනුගමනය කරන නිසාමයිඔබේ මුදල මා ළඟ සිට ඔබ අතටම ලැබෙනුයේ. මුස්ලිම්වරයෙකු ඉස්ලාමය පිළිපදිනතුරු ඔහු විසින් ඔබට කිසි අසාධාරණයක් සිදු නොවන්නේය.
මගේ දීර්ඝ විස්තරය අසා සිටි ඔබට ද පාඨකයින්ට ද අවංක ස්තූතිය
කලාභූෂණ කිච්චිලාන් අමතුර් රහීම්