
හලාවත ඇන්ටනිට වෙඩි තබා ඝාතනය කළ කළේ මිනිමරු රාජපක්ෂ කල්ලියයි.ලංසා පවුල යනු ඒ මිනිමරු රෙජිමයේ මිගමුවේ අංක එකේ නියෝජිතයායි.
මීගමුවේ ධිවරයෝ තෙල් සටනේදි සතියක් පුරා මුහුදු නොගොස් සිය විරෝධය පළකරන ලදි.
මේ බොහෝ අරගල එදා සංවිධානය කිරිමට මුල්වුයේ වැල්ලවිදිය ඒකාබද්ධ ධිවර සංවිධානයයි.
එහෙත් අද මේ සංවිධානයේ ඇතැම් නායකයන් කිසිදු ලැජ්ජාවකින් තොරව හලාවත ඇන්ටනිලාව ඝාතනය කළ මිනිමරු රාජපක්ෂ කල්ලියේ කරේ අත දාගෙන ඇත.
එය ලංකාවේ ධිවර අරගල ඉතිහාසයේ මහාපවාදිමයි.

සටන් කොට මිය ගිය සගයන් අමතක කර පවා දිය හැකි නම් ඒවැනි අයට තවත් කළ නොහැකි පවාදිමක් නැත.
ලංසා පවුලේ කාසි පොදිවලට වහවැටුන ප්‍රතිපත්ති නැති ඇතැම් ධිවරය නායකයන් යැයි කියා ගත් පිරිස් මේ ගෙන ඇති තින්දුව ගැන මීගමුවේ ප්‍රතිපත්ති ගරුක ධිවරයන් තුල මෙන්ම ධිවර අරගලයන්හිදි සැමදා එක්ව සිටි ඇතැම් කතෝලික පියතුමන්ලාගේද මහත් වු පිළිකුලක් මේ පිරිස වෙත දැන් එල්ල වි තිබේ.
මැක්ෂිමස් ඇන්ටනි ප්‍රනාන්දු -හලාවත