හලාවත ධීවරයන් තවමත් එකගතාවයකට පැමිණ නැහැ

0
79

ඊයේ මීගමුවේදී පැවති සාකච්ඡාවේ දී සරත් ගුනරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ධීවර
සංගම් සමග සාකච්ඡා කළ පසු ප්‍රකාශ කර ඇත්තේ ධීවරයින්ගේ වර්ජනය අවසන් හෙට සිට
මීගමුව සහ හලාවත ධීවරයන්ට නැවත  රස්සා  වලට  යා හැකි බවයි. එනමුත් අද වන විට හලාවත
ධීවරයින් කිසිවෙකුත්   මසුන් මැරීම සදහා මුහුදු නොගිය බව එම ධීවර නියෝජිතයෙකු පැවසීය.
මෙසේ ධීවරයන් මුහුදු නොයා සිටින්නේ  ඊයේ අමාත්‍යවරැන් විසින් රජය නිර්දේශ කළ පරදි
භූමිතෙල් වල අලුත් මිළ පහළ දැමීම ගැන තවමත් ඔවුන්ට විශ්වාස නැති බවත් ඔවුන් ප්‍රකාශ
කරති. මීට පෙර ද භූමිතෙල් මිළ වැඩිකළ අවස්තාවකදී රජය දුන් පොරොන්දු එපරිදම ක්‍රියාත්මක නොවූ බව ඔවුන් පවසයි. මේ හේතු නිසා කිසිවෙකුත් අදත් මුදු නොගිය බවත් හලාවත ධීවරයින් පැවසූහ. අද දහවල් 12ට පමණ මෙම තත්ත්වය හමුවේ කටයුතු කළ යුතු
ආකාරය ගැන සාකච්ඡා කිරීම සදහා හලාවත ධීවර සංගම් වල සාකච්ඡාවක් හලාවතදී
පැවැත්වේ.