හලාවත පොදු එළවඵ වෙළද පලේ වෙළෙඳුන් වර්ජනයක

0
259

DSCN8264
හලාවත පොදු එළවඵ වෙළද පලේ වෙළෙඳුන් හා ඒ අවට පදික වෙළෙඳුන් අද : 7 දා – දින සිය වෙළඳ කටයුතු වලින් ඉවත්ව  සිටිනු දක්නට ලැබිණි.
වෙනත් ප්‍රදේශ වලින් පැමිණෙන තොග වෙළෙඳුන් මෙම වෙළඳ පළ භුමිය තූළට පිවිස අඩු මුදලට එළවඵ විකිණිම නිසා තම වෙළඳාම  පහත වැටි ඇති බැවින්  එම වෙළෙඳුන්ගේ පැමිණිම නවතන ලෙසට පොදු වෙළඳ පලේ වෙළඳ සංගමය හලාවත නගර සභාවෙන් ඉල්ලා තිබුණි.  එසේ කරණතෙක් තමන් නගර සභාවට නියමිත දෛනික බදු මුදල් නොගෙවන බව පැවසීම නිසා නගර සභාව මේ සම්බන්ධයෙන් හලාවත පොලිසියට පැමිණිළි කර තිබුණි.
ඒ අනුව වෙළෙඳුන් හා නගර සභාවෙි බලධාරින් ගෙන්වා පෙරේදා : 6 දා – පැවැති සාකචිචවෙන් පසු මෙම මැතිවරණයෙන් පසු මෙම ප්‍රශ්ණ වලට විසදුමි ලබා ගත හැකි බවට පල වු යෝජනාවක් මත වෙළඳ පොලේ වෙළඳම අඛණ්ඩව පවත්වා ගෙන යාමට වෙළෙඳුන්  එකගව වු බව හලාවත නගර සභාවෙි ලේකමි ඒ ගඒග ජයසිරි මහතා පැවැසීය.
එහෙත් තමන් කලින් ගත් තීරණයන් මත නවදත් තමන් සමග ගණුදෙනු කරණ තොග වෙළෙඳුන් අද : 7 දා – වෙළඳ පලට නො එන බව දන්වා තිබිම නිසා තමන් අද : 7 දා – දිනයේ පමණක් වෙළඳ කටයුතු වලින් ඉවත්ව සිටින බව වෙළඳ සංගමය කීහ. ඒ අනුව අද : 7 දා – වෙළඳ කටයුතු සිදු නොවු බවත් ඔවුන් පෙන්වා දුන්හ.
පා`ඵවට ගිය වෙළ`ද පල ජායාරූපයේ දැක්වේ.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු