හලාවත රෝහලේ දැඩි සත්කාරය ජලයෙන් යට වෙයි

0
426

Chilaw hospitalවැසි ජලය බැස නොයාම හේතුවෙන් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටු 03 ක සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නේවාසික රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව අංක 3, 6 සහ 16 යන වාට්ටු වල ප්‍රතිකාර ලැබූ රෝගීන් මාරවිල සහ කුලියාපිටිය මූලික රෝහල් වලට 13 වැනිදා රාත්‍රිෙය් මාරු කර යැවිණි.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරු කැරිණි.

අධික ලෙස වැසි ලැබීම හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8 ක් අඩි 01 බැගින්ද, රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2 ක් අඩි 4 බැගින්ද,දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2 ක් අඩි 1 ½ බැගින් සහ වාන් දොරටු 3 ක් අඩි 01 බැගින් විවෘත කර ඇත. ඒ අනුව මී ඔය,කලාඔය සහ දැදුරුඔයේ ජල මට්ටම් නැවතත් ඉහළ යමින් පවතී.

ජලය ලැබීම හේතුවෙන් හලාවත මුන්නේස්වරමේ පිහිටි නල්ලනායගම් වැව අවදානම් තත්ත්වයට පත්ව ඇතිබව ආපදා කළමනාකරණඒකකය සදහන් කරයි.

හලාවත – අසරප්පා වත්ත සහ මයික්කුලම ප්රලදේශ වලද වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජනතා පීඩාවට පත්වි සිටින බව පොලීසිය කියයි.

දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක් ම ජලයෙන් යට වී ඇති අතර එය ගංවතුර තත්ත්වයක් නොව වැසි ජලය බැස නොයාමක් පමණක් බවද ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ ය.

පුත්තලම – ජූඩ් සමන්ත