හවසට කකුළුවෝ හොදි සමඟ රෝස්පාන් කමු

0
195
අලුත් ත්‍රෙන්ඩ් එකක රස බලන්න,
සවසක රැන්කා ෆුඩ් හවුස් එකට එන්න. WhatsApp Image 2024 12 21 at 01.03.59 ad4d0402සවස් කාලයක ඔබේ දූ දරුවෝ ඇතුළු පවුලේ අයත් එක්ක එහෙම නැත්නම් නැදෑ හිතවතුන් එක්ක හරි අලංකාර හා ආකර්ශනීය පරිසරයක සතුටු සාමිචියේ යෙදෙමින් නිදහසේ ඔබ ආශාවෙන් රස විඳින්නට ඉතාම කැමති අලුත්ම ත්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් අලුත්ම ප්‍රවණතාවයක් බවට පත් වෙලා තියෙන රසවත් ආහාරයක් ගැන කියන්නයි මේ සටහන තැබෙන්නේ.
දන්නවනේ කාලෙන් කාලෙට එක එක ජාතියේ ආහාර වර්ග නව්‍යකරණයට ලක්වෙලා ,එක එක නම් වලින් අලුත් අලුත් ත්‍රෙන්ඩ් විදිහට අපේ සමාජය තුළ ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවා. මීට කලින් අපි අතර එහෙම ගොඩක් ජනප්‍රිය වුණු ත්‍රෙන්ඩ් එකක් තමයි පෝක් කරි එහෙම නැත්නම් ඌරු මස් කරි සමග පොල් රොටී.  දැන් ඉතින් මේ වෙනකොට ඒ ත්‍රෙන්ඩ් එක යල් පැන ගිහිල්ලා. ඉතින් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා අලුතින්ම ත්‍රෙන්ඩ් එකක්. මේක හඳුන්වා දීලා තියෙන්නේ රැන්කා ෆුඩ් හවුස්  එකෙන්. මේ අලුත්ම ත්‍රෙන්ඩ් එක තමයි ක්‍රැබ් කරි එහෙම නැත්නම් කකුළුවෝ කරි සමඟ රෝස් පාන් . අද වෙද්දී කා අතරත් කතාබහට ලක්වෙන ත්‍රෙන්ඩ් එකක් බවට පත්වෙලා තියෙනවා.
එවගේම රන්කා ෆුඩ් හවුස් කියන්නේම දශක ගානක් එහා ඉඳලා සම්ප්‍රදායිකත්වය මත රැඳෙමින් අලුත් අලුත් දේ රැගෙන එන කාගේත්  විශ්වාසය උපරිම ලෙස දිනාගත්තු පවුලේ අවන්හලක් කිව්වොත් නිවැරදියි.රැන්කා ෆුඩ් හවුස් වෙතින් මේ මෑතකදී හඳුන්වා දුන් කකුළුවෝ  කරි සමඟ රොස් පාන් මේ වන විට  බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තිබෙනවා.රැන්කා ෆුඩ් හවුස් හී සේවය නියුතු දක්ෂ සූපවේදීන් විසින් පිළියෙල කරන මේ කකුළුවෝ කරිය ඉතාම ප්‍රණීත සහ නැවුම් රසයකින් යුතු බව නම් කිව යුතුමයි. ඒ වගේමයි රැන්කා ෆුඩ් හවුස් සතු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පිළියෙල කරන සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය සහ පිළියෙල කරන සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරමින් නිෂ්පාදනය කරන විශේෂිත වූ රෝස් පාන් මේ කකුළුවෝ කරි සමඟ ලබා දෙනවා.

ඉතින් විවිධ විවිධ වූ රස සොයන රසවතුන්ට කකුළුවෝ කරී සමඟ රෝස්පාන් නවමු අත්දැකීමක් ලබා දෙනු නිසැකයි.

රැන්කා ෆුඩ් හවුස්
( RANKA FOOD  HOUSE )
18 කනුව හංදිය
කටුනායක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here