මීගමු ධීවරයෝ තාමත් මහපාරේ ….

0
174

භුමිතෙල් නැතිකම මෙන්ම භුමිතෙල් වල මිළ නොසිතු විරු ලෙසින් වැඩිකර තිබිම නිසාම රටපුරා ධිවරයන් ගෙන යන අරගලයට මිගමුවේ ධිවරයෝද පවුල් පිටින්ම එක්ව සිටිති.
පසුගිය කාලය තුල මාස ගණනක් වැල්ලවිදියේ දෙව්මැදුර බිමේ සිටිමින් විරෝධතාවයක නියැලුවන ධිවරයන් මේ වන විට පෙරියමුල්ල දොන් බොස්කෝ සුරුවම අසල කදවුරු ලා අඛ්ණ්ඩ අරගලයක නිරතව සිටි.



මාස 4 කට අධික කාලයක් භුමිතෙල් නැතිකම හේතුවෙන් මාළු ඇල්ලිමට යාමට නොහැකිව තිබිම නිසා පවුල් නඩත්තු කිරිමට මුදල් නැතිව පමණක් නොව දරුවන්ට කැමට දිමට හෝ මාළු දැන් නැතිව ඇතැයි ධිවර මව්වරු කියා සිටිති.
ධිවරයන්ගේ බත්පතක මාළු වරදින්නේ නැති වුවද, පවතින තත්වය හමුවේ ධිවර පත් පතේද දැන් මාළු වෙනුවට ඇත්තේ සෝයා මිට් බව ධිවර මව්වරු කියා සිටිති.

දරුවන් පවා මාළු ඉල්ලා සිටිද්දි ඔවුන් විශාල ලෙස අසරණ වන බවද අප කල විමසුමකදි කියා සිටි.පසුගිය දිනවල විවිධ සාකච්ජාවන් සදහා බලධාරින් හමුවිමට ගියද මේ දක්වා කිසිදු සාධාරණ විසදුමක් ලැබි නැත.
මේ නිසාම මහපාරේ අරගලය දිගටම ක්‍රියාත්මකය.

ඡායා – ඒම් .ඉසෙඩ් .සහජාන්