හාල් පැකට් එකේ ගාන සුපිරි කවුන්ටරේ ලඟදි වෙනස් වුනේ කොහොමද ?

0
62

(12.30 pm ) හාල් කියන්නේ මේ වෙන කොට වැඩි දෙනෙක්ගෙ  දැවෙන ප්‍රශ්ණයක් .ගෙවල් වල කන්න පුරුදුවෙලා හිටපු හාල් වර්ගය හොයාගන්න එකත් දැන් අපහසුවක් වෙලා .
මේ බොහොමයක් හාල් වර්ග වල මිළ ගණන සතියක් ඇතුලත ලොකු ගාණකින් වැඩිවෙලා.
නිදසුනක් හැටියට මිට දවස් කිපයකට කලින් ගත්තු නොමර්ල් සම්බා කිලෝ 10 පැකට් එක 2250 අද ඒකම රුපියල් 2750 යි

අනික මරු වැඩේ කියන්නේ එක්තරා සුපිරි වෙළද සැලක තිබුන කිලෝ 10 හාල් පැකට් එකේ ගහල තියෙන මිළ රු 2300 යි නමුත් කවුන්රේ ලගට ඇවිත් බිල් කරද්දි මිළ රු 2750 ක් වෙලා .
හාල් කියන්නෙත් දැන් අපිව නටවන හිරිවට්ටන දෙයක් .

හාල්කාරයෝ ටික ආණ්ඩුව නටනව ඉතින් අපි නැටවෙන්නේ ඉබේටම . අපි පව් …