හාල් පිළිබද රජයේ සහතික මිළ ගැන ජනතාවට සැකයක් ????

0
54

riceසහල් නිෂ්පාදකයන් සහ සහල් මෝල් හිමියන් සහල් අලෙවි කළ යුතු උපරිම මිලක් පාරිභෝගික අධිකාරිය විසින් නියම කරනු ලැබ ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ  (4) රාත්‍රියේ නිකුත් කරන්නට පියවර ගෙන තිබුණි

එම ගැසට් නිවේදනයට අනුව සුදු සහ රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් ද, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් ද, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92ක උපරිම මිලක් සහ සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89ක මිලක් ද නියම කර තිබේ.

සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන්ට එම උපරිම මිල ගණන්වලට වඩා වැඩි මිලට සහල් වෙළෙඳාම් කිරීම එමගින් තහනම් කර ඇත.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට රජය විසින් වරින් වර ප්‍රකාශයට පත්කරන්නට යෙදුන මිළ අඩුකිරිම් පිළිබදව ජනතාව තුල එතරම් විශ්වාසයක් නැති බවක් පෙනේ.
ඊට හේතුව වන්නේ පසුගිය කාලය පුරාවට රජය විසින් සිදුකරන්නට යෙදුන මිළ අඩුකිරිම් සියල්ල සැබැවින්ම විහිළුවට පමණක් ලක්වු තිබුණද එය මහපොළොවේ යථාවක්ව තිබුනේ නැත