හාල් වගේද ලුණු ! මිගමු කරවල නිෂ්පාදකයෝ ආණ්ඩුවට කළ යුත්ත කියති.

0
156

( 1.00 pm )රටේ හාල් ප්‍රශ්ණය තවමත් විසදි නැත.දැන් නව රජය බලයට පත්ව මාස 6ක් ඉක්මවමින් තිබේ.එහෙත් සහල් ප්‍රශ්ණය විසඳිමට  නොහැකි විම මොන පැහැදිලි කිරිම් කළද රජයේ පසුබෑමක් බවට මේ වන විට පත්ව තිබේ.

සහල් ප්‍රශ්ණය විසදා ගැනිමට දැන් වෙළන්දන් මෙන්ම පාරිභෝගිකයන්ද වැඩිමිළ සහල් සමඟින් හොරා පොලිස් සෙල්ලම කරමින් සිටිති ..දැන් කීරි සම්බා වැඩමිළකට ඇතැම් වෙළඳුන් විකුණමින් සිටින්නේ බිල්පත් පවා නොගෙවමිනි.

සහල් කතා මෙසේ වෙද්දි මිගමුවේ ලුණු කථාවද බරපතල එකක් බවට පත්ව තිබේ.

අවශ්‍ය ලුණු ප්‍රමාණයන් ලබා ගැනිමට නොහැකි විම නිසා ධිවරයන්ට ඉතුරු වන මත්‍යස්‍ය අස්වැන්න කරවල සඳහා පවා දිමට නොහැකිව අසරණ වි ඇත.එමෙන්ම කරවල නිෂ්පාදනය සිය ජීවිකාව කරගත් සැමටද දැන් කරවල නිෂ්පාදනය අත හැර දමන්නට සිදුව තිබේ.

එපමණක් නොව ලුණු මිළ ඉහල යාමද බරපතල ගැටලුවක් බවට බත්ව තිබේ.

මේ මිළ ඉහල යාම කරවල සදහා පමණක් නොව ගෘහ කටයුතුවලට මෙන්ම වෙනත් සුලු කර්මාන්ත වලටද බලපා තිබේ.

මේ ගැන ධිවර ක්‍රියාකාරින් කියා සිටින්නේ ලුණු කෙලින්ම සමිති මට්ටමින් මිළට ගැනිමට අවස්ථාව සලසා දෙන ලෙසය.

කරවල නිෂ්පාදනයට පමණක් නොව ගෘහ කටයූ වලට මෙන්ම වෙනත් ව්‍යාපාර සදහාද ලුණු ප්‍රශ්ණය බරපතල ලෙස බලපා තිබේ ,
මීගමුවේ ප්‍රකට අච්චාරු අලෙවි කරවෙකු වු පිටර් අයියා අද කියා සිටියේ වෙනදා රු 100ට ගත් ලුණු කුඩු පැකට්ටුවක් දැන් රු 290ක් බවය.
මේ තත්වය දරාගත නොහැකි බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here