හැකිනම් පිටිපන පේරුව දිනල පෙන්වන්න ! සරත්ට අභියෝගයක් !

0
72

nimal and sarath Gඅප අවස්ථා ගණනාවකදි හෙළිදරව් කළ පරිදි පෙොහොට්ටුවේ අපේක්ෂකයන් අතර බරපතල මතගැටුම් මේ වන විට වර්ධනය වෙමින් තිබේ.
ඒ සරත් පිළ සහ ලංසා පිළ හැටියට අපෙක්ෂකයන් බෙදි සිටිමත් සමගින්ය.
එයට අමතරවද තවත් බෙදිම් තිබේ.
මේ සියල්ලේ හරි මැද ලෙස අප අවස්ථා ගණනාවකදිම වාර්තා කළ පරිදි මීගමුවේ නගරාධිපති අපෙක්ෂකයා ලෙස දයාන් ලංසාව පිම්බිමට පටන් ගැනිමත් සමගින් මේ ගැටුම තවත් තිව්ර වි තිබේ.
මේ ගැටුම තුල සිටින ඒක ජේෂ්ඨයෙකු මිපුර අමතා ඊයේ කථා කළේ 18 කණුවේ පැවැති පොහොට්ටු රැස්විම් භුමියේ සිටය,
එහිදිද දයාන් ලංසා වේදිකාවට එන විට නිවේදකයා සදහන් කර තිබුනා යැයි ඔහු අපට කියා සිටියේ අනාගත මීගමු නගරාධිපති කියායැයි අපට සදහන් කර සිටියේය.
මේ ජේෂ්ඨ ක්‍රියාකාරිකයා එක් අභියෝගයක් කළේය.
එනම් හැකිනම් සරත් ගුණරත්නට පිටිපන පේරුව දිනා පෙන්වන ලෙසය.
ඒ වෙනුවෙන් තමන් ඕනෑම ඕට්ටුවක් තබන්නට සුදානම් බවද අපට කියා සිටියේය.
ඔට්ටුව කෙසේ වෙතත් මෙහිදි අපට කියන්නට ඇත්තේ අප විසින් හෙළිදරව් කර ඇති පරිදි පොහොට්ටුවේ මේ බෙදිල්ලේ තරම ගැනය.
හැකිනම් දිනා පෙන්නපන් යැයි කියන ගාණට එය බරපතල ගැටුමක්ව තිබේ.