“ හැටදෙලක්ෂය සීරුවෙන් ” 03 වැනිදා මහනුවරට

0
47

Kandy 1යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගතවී ඇතත් ආණ්ඩුව අසමත් වී ඇති කාර්යභාරයන් ඉෂ්ඨ කරවා ගැනීම සඳහා මහජන බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් “ හැටදෙලක්ෂය සීරුවෙන් ” මැයෙන් වූ මහා සත්‍යග්‍රහය ප්‍රථම වරට අගෝස්තු මස 15 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි ඉතාමත් සාර්ථකව පැවැත්විය. එහි දෙවැන්න වශයෙන් ඔක්තෝබර් 03 වැනිදා මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැත්වීමට “හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය” විසින් කටයුතු සම්පාදනය කර ඇත.

මහනුවරදී පැවැත්වීමට සුදානම් වන මෙම සත්‍යග්‍රහය සාර්ථක කර ගැනීම සඳහා වූ මුලික සාකච්ඡාවක් පසුගිය 19 වැනිදා මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිට “ජන මැඳුර” ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ඒ සඳහා “හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය” නියෝජනය කරමින් කේ. ඩබ් ජනරංජන, ලාල් විජේනායක, ගාමිණි වියන්ගොඩ, ලුෂන් බුලත්සිංහල හා පිලිප් දිසානායක යන සහභාගී වූ අතර, මහනුවර ප්‍රදේශය නියෝජනය කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී විය.

කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි පැවැත්වූ පළමු සත්‍යග්‍රහයට වඩා සාර්ථකව මෙම සත්‍යග්‍රයහ පැවැත්වීම සඳහා වැඩි දායකත්වයක් ලබාදීමට එහිදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් සිය එකඟත්වය පළ කර තිබුණි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජාතිවාදය හා ආගම්වාදයට ඉඩ නොදීම, දුෂිතයින්ට හා අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම, දුෂිත ඇමතිවරු ඉවත් කිරීම, ඡන්දය කල් නොදමා වහා පැවැත්වීම හා බලය බෙදීම යන යහපාලන ආණ්ඩුව විසින් දුන් පොරොන්දු ඉෂ්ඨ කරවාගැනීමට ආණ්ඩුවට බල කිරීම මෙම සත්‍යග්‍රහයෙන් බලාපොරොත්තුවේ.
www.aithiya.lk

Save