හැමිලටන් ඇළ ආශ්‍රිත ප්‍රදේශවල සීග්‍රයෙන් ඩෙංගු රෝගය පැතිර යයි

0
132

22221972_910115162472501_20837566182857088_n හැමිලටන් ඇළ ආශ්‍රිත ප්‍රදේශවල සීග්‍රයෙන් ඩෙංගු රෝගය පැතිර යමින් පවති. මුතුරාජවෙළට කුණු බැහැරකිරීම මේ වන විට මහා පරිමානයෙන් සිදුවේ. දික්ඕවිට ප්‍රදේශයේ ශෙල් ගෑස් පාරෙන් දිනකට කණු ලොරි රථ 100කට වැඩිප්‍රමානයක් ඇතුල වී මුතුරාජවෙලට කුණු බැහැර කරයි.මේ වනවිට විශාල ප්‍රදේශයකට කුණු බැහැර කර මුතුරාජවෙළ අභය භූමිය විනාශකර ඇත. මේනිසා මුතුරාජවෙළ ආශ්‍රිත ප්‍රදේශවල ඩෙංගු රෝගය සීග්‍රයෙන් පැතිරයමින් පවතී. ඩෙංගු රෝගය ව්‍යාප්තිය නිසා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමානයක් රෝගී තත්වයට ගොදුරැ වී ඇත. තවද මැසි උවදුර අවට ප්‍රදේශවල ව්‍යාප්ත වී ජනතාව පීඩා කාරී තත්වයකට පත්වී ඇත.මේ දිනවල ඇති අධික වර්ෂාව නිසා මුතුරාජවෙල අවට ප්‍රදේශවල අධික දුගදක් වහනය වේ. මේ නිසා වසන්ගත රෝග හා උවදුරැ පැතිර යාම නිසා කෙරවලපිටිය, බලගල, දික්ඕවිට, ඇළබඩ වත්ත,උස්වටකෙයියාව, පට්ටියවල, පුබුදුගම, බෝපිටිය, නුගපේ,දෑලතුර හා මුතුරාජවෙල ආශ්‍රත ප්‍රදේශවල ප්‍රදේශවාසීන් ගොදුරැ වී ඇත. කුණු කසල අපද්‍රව්‍ය හැමිල්ටන් ඇළට හා මීගමු කළපුවට මෙමගින් එකතු වී ඇළ හා කළපුව දූෂනයට පත්වෙමින් ඇත. අභය භූමියේ සත්ව හා ශාක කොටස් විනාශ වෙමින් පවතී. රජයේ බලධාරීන් මෙම උවදුර නොසලකා අත්තෝමතිකව කටයුතු කරමින් සිටී. මහජනතාව විරෝධතාවක් දැක්වීමට නොහැකි වී ඇත්තේ මුතුරාජවෙළට ඇතුලු වෙන ස්ථාන හා කුණු බැහැර කරන ප්‍රදේශ අධි ආරක්ෂක කළාප වලට අයිති ප්‍රදේශ වේ. එම ප්‍රදේශ යුධ හමුදාව විසින්පාලනය කරනු ලබයි. මෙම ජාතික ව්‍යසනයට විරැද්ද වීම අප හට ඇති මානුශික අයිතියකි. පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රදේශවාසී ජනතාව හා ආගමික පූජකවරැන් එක්ව සංවිධාන වී මුතුරාජවෙළට කුණු දැමීමට විරැද්ද වී මුතුරාජවෙළ බේරා ගැනීම අප සැමගේ යුතුකම හා වගකීම වේ. ඩෙංගු වසංගතය මැසි මදුරැ උවදුර හා අවට ප්‍රදේශවල ඇති අධික දුර්ගදය වලක්වා ගැනීමට අප සැවම එක්වෙමු.
මුතුරාජවෙළ සුරකිමු / හැමිල්ටන් ඇළ සුරකිමු