හැමිල්ටන් ඇල පාලම යටදී බලවයස්කාර යුවලක් අත්අඩංගුවට.

0
102

මීගමුව , මහා විදියේ ප්‍රකට රන් අභාරණ වෙළ`ද සැලක් අසල පිහිටි හැමිල්ටන් ඇල පාලම යට පසුගිය කාලයේ කඩා බි`ද දැමු ස්ථානයක (මෙම ස්ථානය වැසිකිලියක් ලෙස භාවිතා කල බවත් මේ වන විට එය අතහැර දමා ඇති බවත් වාර්තා විය.) ලිංගිකව හැසිරුණු බලවයස්කාර තරුණයෙකු සහ තරුණියක පසුගිය 21 වැනි දින පස්වරුවේදී  මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතාට ලැබුණු තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින් කන්ඩායමක් ම`ගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. තරුණයාගේ වයස අවුරුදු 17 ක් වන අතර තරුණියගේ වයස අවුරුදු 14 කි. මෙම බලවයස්කාර තරුණයා සහ තරුණිය අත්අඩංගුවට ගත් එම ස්ථානයේ තිබී උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් සහ ඇ`ද ඇතිරිලි කිහිපයක්ද සොයා ගෙන තිබේ. පොලිසිය කරන ලද විමර්ෂන වලදී අනාවරණය වී ඇත්තේ තරුණිය සිය කැමැත්තෙන්ම මෙම තරුණයා සම`ගින් මෙලෙස ලිංගිකව හැසිරීම ස`දහා පැමිණ ඇති බවයි. එමෙන්ම මේ බලවයස්කාර යුවල දැනට කාලයක පටන් මෙම ස්ථානයේ මෙලෙස ලිංගිකව හැසිරී ඇති බවද මෙම විමර්ෂන වලදී අනාවරණය වී තිබේ.  මෙම බලවයස්කාර තරුණිය තවමත් පාසල් යන ශිෂ්‍යාවක් බවද වාර්තා වී ඇත.
අත්අඩංගුවට ගනු ලැබු මේ දෙදෙනාගෙන් තරුණියගේ වයස සහ ඇය පාසල් සිසුවියක නිසා ඇයට අවවාද කර මීගමුව පොලිසිය විසින් ඇයව මුදා හැර ඇත. එලෙසම එම තරුණයාව පමනක් එදින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් එ.එම්.එන්.පී. අමරසිංහ මහතා විසින් රු.5000 ක මුදල් ඇපයක් සහ රු.ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත එම තරුණයාව මුදා හැර තිබේ.
මෙම බලවයස්කාර යුවල අත්අඩංගුවට පත් වු එම පාලම අසල ප්‍රදේශයේ වෙසෙන සු`ඵ ව්‍යාපාරිකයන් සහ එම ස්ථානයේ ගැවසෙන පිරිස් චෝදනා කරන්නේ මේ ඇල ප්‍රතිසංස්කරණය හා නවීකරණය කල එම ව්‍යෘපෘතිය භාර ව කටයුතු කල බලධාරීන්ට සහ නිලධාරීන්ටය. එහිදී ඔවුන් පවසන්නේ හැමිල්ටන් ඇල ව්‍යාපෘතිය සිදු කෙරෙන විට පාලම යට ඇති අනවශ්‍ය ස්ථාන සම්පුර්ණයෙන් ම කඩා නොදැමීම හේතුවෙන් මෙවැනි ස්ථාන නිර්මාණය වී ඇති බවයි. එවැනි ස්ථාන වල සිදු වන විවිධ  සමාජ විරෝධී අපචාරයන් සිදු වීමට එම ව්‍යාපෘතියේ නිලධාරීන් සහ බලධාරීන් නිසැකවම වගකිව යුතු බව ද  එම ව්‍යාපාරිකයන්ගේ අදහසයි. .