අත්අඩංගුවට ගනු ලැබු මේ දෙදෙනාගෙන් තරුණියගේ වයස සහ ඇය පාසල් සිසුවියක නිසා ඇයට අවවාද කර මීගමුව පොලිසිය විසින් ඇයව මුදා හැර ඇත. එලෙසම එම තරුණයාව පමනක් එදින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් එ.එම්.එන්.පී. අමරසිංහ මහතා විසින් රු.5000 ක මුදල් ඇපයක් සහ රු.ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත එම තරුණයාව මුදා හැර තිබේ.
මෙම බලවයස්කාර යුවල අත්අඩංගුවට පත් වු එම පාලම අසල ප්‍රදේශයේ වෙසෙන සු`ඵ ව්‍යාපාරිකයන් සහ එම ස්ථානයේ ගැවසෙන පිරිස් චෝදනා කරන්නේ මේ ඇල ප්‍රතිසංස්කරණය හා නවීකරණය කල එම ව්‍යෘපෘතිය භාර ව කටයුතු කල බලධාරීන්ට සහ නිලධාරීන්ටය. එහිදී ඔවුන් පවසන්නේ හැමිල්ටන් ඇල ව්‍යාපෘතිය සිදු කෙරෙන විට පාලම යට ඇති අනවශ්‍ය ස්ථාන සම්පුර්ණයෙන් ම කඩා නොදැමීම හේතුවෙන් මෙවැනි ස්ථාන නිර්මාණය වී ඇති බවයි. එවැනි ස්ථාන වල සිදු වන විවිධ සමාජ විරෝධී අපචාරයන් සිදු වීමට එම ව්‍යාපෘතියේ නිලධාරීන් සහ බලධාරීන් නිසැකවම වගකිව යුතු බව ද එම ව්‍යාපාරිකයන්ගේ අදහසයි. .