හැමිල්ටන් ඇල රක්ෂිතයේ අනවසර ඉදිකිරිමක්.

0
607

දෙවන සංස්කරණය -මීගමුව පෙරියමුල්ල පාලම අසල ඇල රක්ෂිතයේ මේ දිනවල අනවසර ඉදිකිරිමක් සිදුවෙමින් ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් ඇල මාර්ග සංවර්ධනය හා පොලිසිය පැමිණ ඉදිකිරිම නවතා ලන ලෙසින් ඉල්ලා සිටියද  අදටත් එහි ඉදිකිරිම් කටයුතු නැවති නැත.
මෙසේ ඉදිකෙරෙන කඩය මුස්ලිම් තරුණයෙකු හට ලබාදිමට  ගණුදෙනුවක් දැනටමත් සිදුව ඇති බවද සැලය.
පෙරියමුල්ල ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු සිය වත්මන් දේශපාලන හාම්පුතාගේ හයිය ගෙන මෙම ඉදිකිරිම බලහත්කාරයෙන් සිදුකරමින් තිබෙන බැව් ප්‍රදේශවාසිහු පවසති.තවදුරටත් ඔවුන් පවසා සිටින්නේ පසුගිය පළාත් සභා මැතිවරණ සමයේ මේ ස්ථානයේ පක්ෂ කාර්යාලයක් අටවාගෙන තිබුණ බවත් දැන් ඒ ඉඩ මේ කඩය හැදිම සදහා යොදාගනිමින් තිබෙන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here