හැව ඇරිය නැති ගමේ බයියන්ගේ සරසවි පෙළහර…???

0
61

2014 වසර සදහා සරසවි පිවිසුම් යන්තම් ඇරඹුණා පමණි. නවක වදය පිළිබදව විවිධ කථා තැන තැන තවදුරටත් ඇසේ .
මේ ඇතැම් නවක වදයන් දැන් නොකඩවාම මාස කීපයක් පුරාම ක්‍රියාත්මකය.
විශේෂයෙන්ම කටුනායක පිහිටා ඇති තාක්ෂණඥයින් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයේ දැන් ක්‍රියාත්මක නවක වදය මේ රටේ ක්‍රියාත්මක නරුමවාදයේම ප්‍රකාශනයක් වැන්න.
මේවා කරන වුන් බොහොමයකගේ ඇග ඩිජිටල් වුවද ඔළුව කචල්ය. නුතන බස් වැහැරුවද ඇතුලේ තවමත් ඉන්නේ ගමේ බයියාමය.
ගමේ බයියා වැඩියෙන්ම ඇල්මක් දක්වන්නේ නැඹිලි කට් එක කැපු ගමේ පිනාගේ චරිතයටය. මේ බයියන්ගේ නංගිලා අදින්නේ චීත්ත ගවුම්ය.
මේනිසාම ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපල පිහිටි ජගත් නගරයේ හරිමැද පිහිටි මේ උසස් අධ්‍යාපන ආයතනය අද ගමේ බයියන්ගේ  ග්‍රහණයට අසුව නරුමවාදයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
උන් කියන්නේ එහි එන නවක පිරිමි ලමුන් හට නැඹිලි කට් එක කපන ලෙසය.
නංගිලාට කියන්නේ චිත්ත ගවුම් ඇද කොණ්ඩය තනිකරලට ගොතන ලෙසය.
මසකට පමණ වැඩි කාලයක සිට මේ තරුණ පිරිමි දරුවන් නැඹිලි කට් කපා ගැහැණු දරුවන් චිත්ත ගවුම් ඇද දිනපතා පැමිණෙන්නේ මහත්වු ලැජ්ජාවකිනි.
මේ තවමත් හැව හැරිය නැති ගමේ බයියන්ගේ යථාවයි.
මෙවන් බයියන් මතු දිනක විවිධ තැන්හිදි අපට හමුවිමට නියමිතය.
ඒ වනතුරුත් හැව ඇරගන්නට නොහැකිව ඇත්තේ නම් මේ බයියන් හදුනාගැනිම එතරම් අපහසු නොවන්නට පුළුවන.
විවිධ සේවා ස්ථානයන්හිදි එහි සේවාලාභින් හට පුස් ගෙම්බර් දාන්නේද මෙවන්ම බයියන් වන නිසාය.
ලක්කුමාර සේනාධීර
ආණමඩුව