හිග වැටුප් ඉල්ලා මීගමුව ඩිපෝව වර්ජනයක

0
35

අද මීගමුව ඩිපෝව තුළ  නැවතත් වැඩ වර්ජනයක්  සිදුවිය.  පසුගිය කාලයේ දිගින් දිගටම මීගමුව ඩිපෝවේ සේවකයන්ගේ හිග වැටුප්  ගැටළුව මතුවිය. කීප අවස්ථාවකම ඔවුන් එක්දින වැඩවර්ජනයන් වල නිරත විය. නැවතත් මාස   3ක පමණ හිග වැටුප් නොලැබී ඇති බවත් මේ පිලිබද ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් වෙත දැුනුම් දී ඇති බවත් මෙතෙක්  කිසිදු  ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති  බවත් ඔවුන් පවසති. මේ නිසා හිග වැටුප ලබාගැනීමට නඩු මාර්ග වලට යාමට ද සිදුවි ඇති බවත්  පඩි ඉල්ලන විට බලධාරීන් තර්ජනය කරන මට්ටමකට පවා පැමිණ ඇතැයි ඩපෝ  සේවකයන් පවසති. මෙම හිග වැටුප් ප්‍රශ්නය විසදීමට බලකරමින් අද දින මීගමුව ඩිපෝවේ ,රියදුරන්,කොන්දොස්තරවරුන්, සහ තාක්ෂණික නිලධාරීන් විසින් මෙම වැඩවර්ජනය සිදුකරන ලදී.DSC02514new

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්