හිටපු ඇමති රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !

0
78

Rajitha-senarathna-2019.12.24ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

රහස් පොලිසිය වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වරෙන්තුව නිකුත් කර ඇත.

Update: 5.25 pm  ***************************************************************************

අධිකරණයෙන් නීත්‍යානුකූලව වරෙන්තුවක් ලබා ගනිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කර ඇත.

ඒ, සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස සේනාරත්න මහතා අධිකරණයෙන් කර තිබූ පෙර ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන 30 වැනිදාය.
theleader.lk