හිටපු ජනපති මහින්ද හදිස්සියේම මීගමුවට පැමිණේ ?

0
45

Mr at saka 4හිටුප ජනාධිපතිවරයා මීට පෙර මීගමුවේ දේශපාලකයන් හැටියට යෑමට පුරුදුව සිටි නිවෙස් දෙකක් විය.
එනම්  සරත් ගුණරත්න මහතාගේ සහ නිමල් ලංසා මහතාගේ නිවෙස්වලටය.
ඉනුත් වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ ජනාධිපතිවරයා ලෙසින් හදිස්සියේම එවකට පළාත් සභා ඇමතිව සිටි නිමල් ලංසාගේ නිවසට පැමිණිම ගැනය.
එයට හේතුවි තිබුනේ ඊට කලින් දිනයේ විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් නිමල් ලංසා ඇමතිවරයාගේ නිවෙස පරික්ෂා කිරිමය.
2016 පෙබරවාරි 24 වනදා සවස්වරුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීගමුවට පැමිණ තිබුනේ ශ්‍රිලනිප බස්නාහිර පලාත් සභා මන්ත්‍රි එම් .සකාවුල්ලා මහතාගේ නිවෙස වෙතය.
පළාත් සභා මන්ත්‍රි සකාවුල්ලා මහතාගේ පියාණන්ගේ අවමංගල්‍ය කටයුතු ඊයේ දිනට යෙදි තිබුණි.
රජපක්ෂ පවුලේ අයත් සමගින් සමිප සබදතා පැවැත්විමට හෝ ඔවුන් හමුවිමට ඉඩලබාදිම සැලසුම් සහගතව වලකා තිබුන පසුබිමක හිටපු ජනාධිපතිවරයාගේ මේ සම්ප්‍රාප්තිය මීගමුවේ අළුත් දේශපාලන වර්ධනයන් ගැන යම් ඉගි ලබාදෙමින් තිබෙන්නේ යැයි නම සදහන් කිරිමට අකැමති මීගමුවේ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු මිපුර වෙබ් අඩවියට පවසා සිටියේය .