හිටපු නගරාධිපතිගේ බඩියන්ට එරෙහිව කෝ නීතිය කොමසාරිස්තුමෙනි ?

0
264

මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසාගේ සුවච කිකරු බඩියෙකු වු සෞඛ්‍ය අංශයේ සේවය කරන කුප්‍රකට කම්කරුවෙක් වු තුෂාන්ට එරෙහිව පසුගිය ජනපතිවරණය සමයේ නගර සභා සේවකයන් බලහත්කාරයෙන්  ලංසා පවුලේ උවමනාවන් වෙනුවෙන් යොදාගැනිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් දැනටමත් චෝදනා රැසක් එල්ල වි තිබුණද ඒවා සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා නිහඩ ඇයි යන ප්‍රශ්ණය කම්කරුවන් විසින් මේ වන විට මතුකර තිබේ.

තුෂාන් යනු ලංසා පවුල වෙනුවෙන් පසුගිය කාලයේ මජර වැඩ රැසකට මුල්වි කටයුතු කළ අයෙකි.

රුපියල් කෝටි 31 ක මුදලක් ගිණුමක තිබුණ සෞඛ්‍ය කම්කරුවා ලෙසින් රටේම ප්‍රසිද්ධියට පත්වුයේද ඔහුය.Thushan and team new 1024x682 1 768x512 1

එමෙන්ම රාජකාරි වෙලාව තුල සිය සොහොයුරාද සමගින් එක්ව මාධ්‍යවේදියෙකුට මිගමුව මහනගර සභා භුමියේදි පහරදිම සම්බන්ධයෙන් මාස ගණනක් සිරගතව සිටි අයෙකි.

මේ සියලු ජඩකම් වෙනුවෙන් කිසිවිටත් හිටපු කොමසාරිස්ලා මෙන්ම වත්මන් කොමසාරිස්ද මුනිවත රකින හේතුව පැහැදිලිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here