හිටපු නගරාධිපතිගේ රියදුරාටත් විශේෂ සැලකිලි?

0
138

දින 180 ක් සම්පූර්ණ නොකරන ලද සේවා කාලයක සිටි හිටපු නගරාධිපති දයාන් ලංසාගේ රියදුරෙකු ලෙසින් කටයුතු කළ අයෙකුගේ සේවය ස්තිර කරමින් පත්විම් ලිපි ලබා දුන් මිගමුවේ නව කොමසාරිස්වරිය චෝදනා රැසක් මේ කරුණ සම්බන්ධයෙන් එල්ල වන්නට පටන් ගෙන ඇති බව වාර්තාවේ.

පසුගිය කාලය තුල මේ පුද්ගලයා ලංසා පවුලේ මැතිවරණ කටයුතු වලට මෙන්ම පවුලේ වැඩවලටද  වැඩි කාලයක් යොමු කර තිබුනා මිස නිසි ලෙස දින 180ක සේවා කාලයක් නිමකර නැත.මේ නිසාම හිටපු නාගරික කොමසාරිස්වරිය මේ පුද්ගලයාද ඇතුළු ව 40ක දෙනෙකුගේ නම් වලට අදාලව දින 180සම්පුර්ණ කර ඇත්තේද යන කරුණ පරික්ෂා කරන ලෙස ලිඛිත සටහනක් තබා තිබුණි.

තතු එසේව තිබියද නගර සභාවේ සේවය කරනවා වෙනුවට ලංසා පවුලේ ආවතේව කම් කල මෙවැන්නෙකුට යළි පත්විම් ලබා දි තිබිම විමතිය දනවන්නක් බවට පත්ව තිබේ

⁣මෙසේ නැවත පත්විම ලබා දුන් ලිපියේ ඡායා පිටපත් මේ වන විටත් නගර සභාවේම පිරිසක් විසින් ආණ්ඩුකාරවරයද ඇතුලුව තවත් අය වෙත යවා ඇතැයිද සැලය.

මේ ලිපියේ පිටපත් ඉහලට ගියේ කෙසේදැයි ප්‍රශ්ණ කරමින් කොමසාරිස්වරිය පරිපාලන අංශයේ අයට දොස් පවරා ඇතැයිද නගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා තිබේ.

නව කොමසාරිස්වරිය⁣ගේ ඇතැම් ක්‍රියාකාරකම් බරපතල ලෙස ඇයට එරෙහිව විවේචනය නිර්මාණය විමට පසුබිමක් සකසා ඇති අතර නගර සභා නිලධාරීන් මෙන්ම සේවක සේවිකාවන් බොහෝ දෙනෙකු අතරද මේ විවේචන පවතින බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here