හිටපු නගරාධිපති ජයවීර න. සභා ඡන්දයට ඉල්ලන්නේ මහින්ද පිළෙන් ?

0
74

මීගමුව නගර සභාවේ හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා   එළඹෙන නගර සභා ඡන්දයේදී  මහින්ද රාජපක්ෂ පිළෙන් තරඟ වැදීමට ඇති සූදානම ගැන දැන් සැකයක් නැත.
ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය විසින්  සැප්තැම්බර් 13 වනදා පළාත් පාළන මැතිවරණ වලට නාම යෝජනා සඳහා සම්මුඛ සාකච්ඡා කැදවා තිබූනි.  මේ සම්මුඛ සාකච්ඡා වලට මීගමුව මහ නගර සභාවේ මහින්ද පිළේ සිටින සමහර මන්ත්‍රීවරුන්ද  සහභාගී වී තිබුණ අතර ඇන්ටන් ජයවීර ඇතුළු ජීවන්ංග මිරැන්ඩෝ, බන්දුල නාඔටුන්න,වැනීසියස් ප්‍රනාන්දු , ලක්ෂ්මන් යන හිටපු නාගරික මන්ත්‍රීවරු  මේ අවස්ථාවට සහභාගී වූයේ නැත.  මේ ආකාරයට මෙම නාමයෝජනා සදහා කැදවූ රැස්වීම ප්‍රතික්ෂේප කරමින් එම අවස්තාව මග හැරීම පිටුපස තිබෙන්නේ ඉදිරි මහ නගර සභා ඡන්දයේදී  ඔහු විසින් මහින්ද පිළෙන් තරග වැදිම ස්ථිරයයි යන පණිවිඩයයි.IMG_1109-1024x750