හිටපු නීතිපති, ජයරත්නලා වෙනුවෙන් මීගමුවේ පහල උසාවියට

0
361


මිගමුව ප්‍රදේශයේ, බෝලවලාන ග්‍රාමයේ, තලාදුව නමැති පටු මාර්ගයේ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇති සුඛෝපභෝගී නිවසක් නිෂාරා මෙනෙවියගේ පියාණන් වූ ගාමිණී ජයරත්න විසින් “ජයරත්න අවමංගල ආයතනයක්” පත්වාගෙන යාම සදහා මිලයට ගන්න ලදී. එම අවමංගල ආයතනය නිසා එම ප්‍රදේශවාසීන්ට සිදුවන කායික, මානසික සහ පාරිසරික ගැටළු මෙන්ම එම ආයතනය සදහා අදාල බලපත්‍ර ලබාදීමේදී මිගමුව නගරසභාවේ සභාපතිතුමා, නාගරික කොමසාරිස් තුමිය සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අනුගමනය කරන ලද නිත්‍යානුකුල නොවන ක්‍රියා මාර්ග හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධයක් හටගන්නා ලදී.

ප්‍රදේශවාසීන් විසින් ජුනි මාසයේ 27 දින මිගමුව- කොළඹ මහා මාර්ගයේ මහජන විරෝධතාවක් පවත්වන ලදී. එම විරෝධතාවය පිලිබදව මිගමුව පොලිසිය විසින් ජුනි මස 28 වන දින අංක 98(02) (ආ) සහ (ඇ) මහජන පීඩාකාරී පනත යටතේ මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි අදාල “ජයරත්න අවමංගල ආයතනයට” විරුද්ධව නඩු කටයුත්තක් ගොනු කරන ලදී.

එහිදී මුලික කරුණු දැක්වීමක් කරන ලද, ගම්වාසීන් වෙනුවෙන් පෙනීසිටි ප්‍රිමාල් අමරතුංග නිතිඥ මහතා විසින් ප්‍රශ්නකාරී ජයරත්න අවමංගල ආයතනය සදහා අදාල වෙළඳ බලපත්‍රය මිගමුව මහා නගර සභාව විසින් නිකුත්කිරීමේදී ප්‍රදේශයේ පදිංචි පාරම්පරික ගම්වාසීන් හට සිදුවන පීඩාව පිලිබදව කිසිදු තැකීමත් කර නොමැති බවත්, මෙම ආයතයෙන් සිදුවන මානසික මෙන්ම ශාරීරික පිදව ගැනත් දීර්ග කරුණු දක්වීමක් කරන ලදී.

එමෙන්ම මෙම ආයතනය පිළිබද සෞඛ්‍ය වාර්තාවක් ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධක්ෂක තුමාගෙන්ද, ප්‍රදේශය පිළිබද වාර්තාවක් ගම්පහ නගර සංවර්ධන අධිකරියෙන්ද ලබාගැනීමට ගරු මහේස්ත්‍රාත් තුමියගෙන් අයද සිටින ලදී.

එසේම එම කරුණු සියල්ල පිලිබදව මනා විශ්ලේෂණයක් කල ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් අදාල ආයතනය සදහා වාරණ නියියෝගයක්ද පනවන ලදී. එසේම නඩුව ජුලි මස 26 වනදින නැවත කැදවිමටද නියෝගයක් ලබාදෙන ලදී.

ගරු මහේස්ත්‍රාත් තුමියගේ නියමය පරිදි ජුලි මස 26 වනදින නඩුව නැවත කැදවීමේදී උසාවි ශාලාවේ රැස්වසිටි සියලුම දෙන පුදුමයට පත් කරවමින් අදාල විත්තියේ “ජයරත්න අවමංගල ආයතනය” වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික ජනරජගේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඉදිරිපත්වෙන ලදී.

රටේ නිතිය පිළිබද ඉහලම තනතුරක් වන “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ නීතිපති තනතුර” 2019 අපියල් 10 සිට 2021 මැයි 26 කාලය දක්වා හෙබවූ දප්පුල ද ලිවේරා මහතා කීර්තිමත් මෙන්ම අතිශය ආන්දෝලනාත්මක නඩු කටයුතු කිහිපයක් සදහා දායකත්වය ලබාදුන් කීර්තිමත් නිතිවේදියකි.

එසේම නීතිපති තුමාගේ සම්බන්ධිකරණ ලේකම්තුමිය වූ නිෂාරා ජයරත්න මෙනෙවියද රටේ දැඩි අවධානයක් දිනාගත් තැනැත්තියකි.. මෙවැනි වකවානුවක රටේ ඉහලම නීති කෘතය උසුලනු ලැබූ, මහජන මුදලින් නඩත්තු වූ සහ දැනටත් මහජන මුදලින් නඩත්තුවන රාජ්‍ය නිලධාරියෙකු මෙවැනි “පහල උසාවිය” ලෙස විවහාරයේ හදුන්වනු ලබන මහේස්ත්‍රාත් අධිකරණයෙදී නඩු කටයුත්තකට විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වීම සැබවින්ම මහජනයා හට ඉතා ගුජුප්සාජනක හැගීමක් ගෙන දෙන්නක් විය.

එසේම එතුමා විසින් එතුමා දරනු ලැබූ උසස් තනතුරටද අපකීර්තියක් දෙනදෙන ආකාරයෙන් හැසිරෙමින් ගරු මහේස්ත්‍රාත් තුමියටද දබර ඇගිල්ල උලුක් කරමින්, පොලිසියට පහත ආකාරයෙන් ආමන්ත්‍රණය කරමින්, ගම්වාසී පැමිණිලි පාර්ශවයට “පිස්සන්” ලෙස ආමන්ත්‍රණය කරමින් පාතාල නායකයෙකුවත් සමාජයේ නොහැසිරෙන ආකාරයෙන් හැසිරෙන්නට විය

සාමාන්‍ය පුරවැසියෙක් උසාවියේ සිටින විට දැත් බදාගෙන සිටියද උසාවියට අපහාසයක් දෙනදෙන බව කියමින් තර්ජනය කරන පොලිස් නිලදරුවන්ද මෙම “උන්මත්තක ආකාරයෙන්” හැසිරෙන හිටපු නීතිපති තුමා මෙල්ල කිරීමට බියක් දැක්වෙන ආකාරයෙන් හැසිරෙන්නට විය.
මෙලෙස ගරු මහේස්ත්‍රාත් තුමියටද බලපෑම් කරමින් හැසිරෙන හිටපු නිතිපති තුමා දුටු බොහෝ මහජනයාට නීතියේ ආධිපත්‍ය බිදවැටෙනු පමණක් නොව ගරු අධිකරණය පිළිබදවද පැවති විශ්වාසය බිද වැටුණු ආකාරයක් දක්නට ලැබිණි.

මෙම නඩුව යළි අද(28) කැදවිමට නියමිතය.
(සටහන – තලාදූව ගම්වාසින් විසිනි)