හිටපු පළාත් සභා මන්ත්‍රි සකාවුල්ලාත් මිගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවට ….

0
145
saka 1

ප්‍රාදේශිය සංවර්ධන සභා කමිටුවේ සභාපතිත්වය ඒ ප්‍රදේශය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට හිමි වන අතර මෙයට අමතරව ජනාධිපතිවරයා විසින් ඒ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ තවත් නියෝජිතයන්ටද අවස්ථාව ලබාදි තිබේ.
ඒ අනුව හිටපු පළාත් සභා මන්ත්‍රි එම්. සකාවුල්ලාට මිගමු ප්‍රාදේශිය සංවර්ධන කමිටුවට පත්කර ඇති බව ප්‍රාදේශිය ලේකම්වරිය විසින් දැනුම් දි තිබුණි.
මිගමුවේ පළමු ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම මිගමුව මහනගර සභාවේදි පසුගියදා පැවැත්විණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තරඟයට නම් කිරිමටත් පෙර මිගමුවේ මුස්ලිම් ජනයා හමුවිම සදහා ඇරයුම් කොට තිබුනේ සකාවුල්ලා සහ කපිල නන්ද සුලෝචන යන දේශපාලන ක්‍රියාකාරින් විසිනි.

saka 2
gota with kapila and saka.jpg2


එය ගෝඨාභය රාජපක්ෂ පළමු වරට දේශපාලන හමුවකට එක්ව සිටි පළමු අවස්ථාවද විය
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය මිගමුව තුල ගොඩනැගිමට මුලික කටයුතු කළ දේශපාලන ක්‍රියාකාරින් අතර සකාවුල්ලාද විය.
හිටපු ඇමති සරත් ගුණරත්න මෙන්ම නාගරික මන්ත්‍රිවරයෙකු වු කපිල නන්දසුලෝචන මෙයට මුල්ව සිටි අනෙකුත් දේශපාලන ක්‍රියාකාරින් වුහ

mr at saka 7


එමෙන්ම මිගමුව තුල පොදු ජන පෙරමුණ ගොඩනැගිමේ පුරෝගාමියෙකු ලෙසද හිටපු පළාත් සභා මන්ත්‍රි සකාවුල්ලා කටයුතු කර තිබුණ අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ වෙත මිගමු ජනතාවගේ පුලුල් සහයක් ලබාදිමට කටයුතු කළ අයෙකුද විය

saka indika

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here