මීගමුවේ හිටපු ප්රාදේශිය ලේකම් ශාන්ත මුහුන්දිරම් යනු රාජ්ය සේවයේ ගරුත්වයට කිසිසෙත් නොගැලෙපෙන ඔලමොට්ටලම් රැසක් සිදුකළ අයෙකි.තමන්ගේ කප්පරක් වු වැරදි වසා ගන්නට මීගමුවේ සියළු දේශපාලකයන්ගේ සුවච කිකරු ගෝලයා වු ඔහු ඔහුගේ වාසි තකා රජයේ දේපොල පමණක් නොව තවත් බොහෝ දැ පරිහරණය කළේය.
මේ ඉන් එකකි.
වැල්ලවිදිය ප්රදේශයේ පර්චස් 50 ක පමණ ඉඩමක් රාජි නම් වු පුද්ගයෙක් හට බලපත්රයකින් පවරා තිබුණි. එකි ඉඩම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වු අතර එය ප්රදේශයේ ධිවරයන් විසින් වෙරළට පහසුවෙන් ලගා විමටත් අනික් කටයුතු සදහාත් භාවිතා කරන ලදි.
අළුතින් පැමිණ ඇති ප්රාදේශිය ලේකම් වරයා විසින් මෙම පුද්ගලයාගේ බලපත්රය අහෝසි කර තිබුනද මෙම ඉඩම වටේ තාප්පයක් ඉදිකළ මේ පුද්ගලයාගේ සැලසුම වි තිබුනේ එහි කුඩා හෝටලයක් තැනිම බව ප්රදේශවාසිහු පවසති.මේ නිතිවිරෝධි ක්රියාව නොරිස්සු ප්රදේශවාසින් මෙම තාප්පයද කඩා විනාශ කොට එහි වු පොල් ගස් 13 ක් කපා බිමහෙලන්නට කටයුතු කර තිබුණි.
මේ ක්රියාව එරෙහිව කටයුතු කරන්නට පටන් ගෙන ඇති පොලිසිය විසින් දැනට ප්රදේශවාසින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ. මේ සියළු දෙනා 2012 මැයි 10 වනදා උසාවියට ඉදිරිපත් කරන්නට නියමිතය.මෙදින උසාවිය අසලට රැස්ව සාමකාමි විරෝධයක නියැලෙන්නට ප්ර දේශිවාසින් සැලැසුම් කර ඇත.