හිටපු මිගමු පුරපති ඇන්ටනි ජයවීර දේශපාලන තීන්දුවක් ගනී ?

0
85

jayaweeraමීගමු දේශපාලනය තුල හැලහැප්පිම් ගණනාවක් මේ කොවිඩ් අර්බුද මැද වුවද සිදුවෙමින් ඇති බැව් පෙනේ. මේ අතර දැනගන්නට ඇති වඩාත් ප්‍රධාන දේශපාලන පුවත වන්නේ මිගමුවේ සිටින ජේෂ්ඨ පොහොට්ටු දේශපාලකයෙකු වන හිටුප පුරපති ඇන්ටනි ජයවිර හා රාජ්‍ය ඇමති නිමල් ලංසා අතර ඇතිව තිබෙන  දේශපාලනික ඈත්විමයි.

ඇන්ටනි ජයවිර වරක් සිය දේශපාලන ගුරුවරයා යැයි ප්‍රසිද්ධියේ කියා සිටියේ නිමල් ලංසා ගැනය.ඒ ඔහු මිගමුවේ පුරපති තනතුරට පත්විමත් සමගය. එදා මෙදා තුර කාලය තුල ඉතා කිට්ටු දේශපාලන සම්බන්ධතාවයක සිටි ඇන්ටනි ජයවිර පසුගිය පාර්ලමේන්තු මැතිවරණයේදි නිමල් ලංසාගේ මනාප සටන වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ගිය නිමල් ලංසාගේ සමිපතම ප්‍රබල අධාරකරුවෙකුද විය.
කෙසේ වෙතත් දැන් දෙදෙනා විරසක පාටය.මැතිවරණ සමය තුල ඇන්ටනි ජයවිර දවසේ වැඩිම පැය ගණනක් ගතකර තිබුනේද නිමල් ලංසා සමගින් බව තතු දන්නෝ පවසා සිටිති

දේශපාලන කව අතර මේ දිනවල මතුව ඇති කතා බස්වලදි හෙළිවෙමින් ඇත්තේ නිමල් ලංසාගෙන් පැහැදිලිවම ඈත්විමකට හිටපු පුරපති ඇන්ටනි ජයවීර දේශපාලන තින්දුවක් ගෙන ඇති බවකි.මිගමුව දේශපාලනය තුල ලංසා පවුලේ කොන්ඩම් න්‍යාය තුලමේ වන විටත් අත්දැකිම් බහුල, ජේෂ්ඨ, බුද්ධිමත්, දේශපාලන සමාජ සම්බන්ධකම් සහිත දේශපාලකයන් රැසක් ලංසා පවුල අතහැර ගොස් ඇති බව පෙනේ.
නිදසුනක් ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේදි සිය සහෝදරයාව තම පියාගේ උවමනාව නිසාම නගරාධිපුති පුටුවේ වාඩිකරවිම සදහා මිගමුවේ හිටපු නියොජ්‍ය පුරපතිවරයෙකු වු සකාවුල්ලා සහය ඉල්ලා ඔහුගේ නිවසටම නිමල් ලංසා පවුල මාස කිපයක් තුලදි ඔහු අතහැර දමන්නට කටයුතු කර තිබුණි.
මේ අකාරයෙන් ගෙන බලන කළ ලංසා පවුලට එරෙහිව අත්දැකිම් බහුල ජේෂ්ඨ , උගත් බුද්ධිමත් පොහොට්ටු දේශපාලකයන් රැසක් මිගමුව දේශපාලන පොළව තුල සිටිම විසින් ලංසා පවුලට එරෙහිව දැවැන්ත දේශපාලන ප්‍රකාශමාන විමක් වුව ඉදිරියේදි මතුවිය හැකිව තිබේ

පළාත් පාලනය ගැන නිති රෙගුලාසි ගැන හෝ පරිපාලන විෂය පිළිබදව කිසිදු අවබෝධයක් නැති දයාන් ලංසා වැන්නෙකු වත්මන් පුරපති ලෙසින් මිගමුව සිටිද්දි ඇත්දැකිම් බහුල පළාත් පාලන නීති රෙගුලාසි ගැන හොද අවබෝධයක් හා අත්දැකම් ජයවිර වැන්නෙකු ලංසා පවුලට එරෙහිව මෙවන් තින්දුවක් ගැනිම මිගමුවේ ඉදිරි දේශපාලනයට අදාලව තිරාණාත්මක තත්වයක් නිර්මාණය විමට නියමිතය