හිටපු මිලානෝ කොන්සාල් ජෙනරාල්වරිය පැදුරටත් නොකියා ගිහින්

0
214

 



ඉතාලියේ මිලානෝ කොන්සොලාතෝ කාර්යාලයේ හිටපු කොන්සාල් ජෙනරාල්වරිය වන ප්‍රභාශිනී පොන්නප්පෙරුම මේ වන විට  වසර තුනකටත් වැඩි තම සේවා කාලය නිමා කොට ශ්‍රී ලාංකාව බලා  පිටත්ව ගොස් ඇත. 2015 දී ආරම්භ කළ මෙම කොන්සොලාතෝ කාර්යාලට පත් වූ තෙවන කොන්සොලාතො ජෙනරාල්   වන්නේ ප්‍රභාශනී මැතිනියයි.    මේ වසරේ මැයි මස  කොන්සොලාතො කාර්‍යාලය භූමිය ද වෙනස් කිරීමට  සිදු වූයේද මෙතුමියගේ කාල සීමාවේදීය. ඒ කලින් තිබූ ස්ථානයේ මතුවූ ගැටලුවකදීය.  එහිදී නව ස්ථානයකට යෑමට  කොන්සොලාතෝ කාර්යාලයට යුරෝ ලක්ශ 7 කට ආසන්න මුදලක් වන්දියක් වශයෙන්ද ලැබුනු බව එතුමිය විසින් ශ්‍රී ලාංකාවේ ප්‍රසිද්ධ පුවත් පතකටද දන්වා තිබුනි. මිලානෝ අවට කාර්යාලයක් මිලදී ගැනීමට හැකියාවක් පැවතියේදීත් තවත් නගරයෙන් පිටට  කුලී පදනම මත කොන්සොලාතෝ කාර්යාලය ගෙනයන ලදි.   
    තම සේවා කාලය තුළදී දේශපාලන  අතපෙවීම් වෙනුවෙන් විරුද්ධතාවයක් දැක් වූ එතුමිය තමන් ශ්‍රී ලංකාවට යන බව කිසිවෙකුටත් නොදන්වාම පිටව ගොස් බව සැලය. විශේෂයෙන් ඒ ගැන කනගාටු වන මිලානෝ හී පොහොට්ටුව පක්ෂ ක්‍රියාකාරීන්ද ඉන්නේ නොසතුටෙනි.   කොන්සොලාතෝ කාර්යාලට ලැබුනු වන්දිය සම්බන්ද ගනුදෙනුවේදි   වියදම් වූ ආකාරය පිලිබඳවද එතුමිය විසින්ම පුවත්පත් වෙත ප්‍රකාශ කල සිටි අතර ඒහි යම් අවිධිමත් මෙන්ම විනිවිදභාවකින් තොරව සිදු වූ ගනුදෙනුවක් බව මිලානෝ වෙසෙන බොහෝ ප්‍රගතශීලී  ශ්‍රී ලාංකීකයන් ප්‍රශ්න කර තිබිනි. ඒ සම්බන්දයෙන් මීපුර වෙබ් අඩවිය විසින්ද යම් පුවතක් හරහා ප්‍රසිදධ කර තිබුනේ එම ලැබුනු වන්දී මුදල වියදම් වී ඇති ආකාරය පිලිබදව ප්‍රශ්න කරමිනි. මේ සම්බන්ධයෙන්  ‘ඉතාලියේ අපි යන සංවිධානය’ හරහා ද ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යාංශය හා විදේශ ආමාතයංශයේ තානාපති කටයුතු සම්බන්දයෙන් කාර්යාලද දැනුවත් කරමින්  ඊමේල් පනිවුඩ යවා ඇති නමුත් ඒ සඳහා කිසියම් පිලිතුරක් ලැබී නැත.තානාපති  සේවය  යනු පවතින රජයේ හෙන්චයින්ගේ දොල පිදේනී බවට පත් වී ඇතිි සේවයකි.
තානාපති සේවාව දේශපාලනය වීම හා එමගින් විදෙස්ගත් ශ්‍රී ලාංකීකයන්ට වන අසාධාරන වෙනුවෙන් හඞක් නඟන්නට කිසි කෙනෙකු ඉදිරිපත් වන්නේද නැත. විශේෂයෙන් ඡන්ද කාලයට පමනක් රට සවාරි පැමින විදේශයන්හී ඡ්න්ද කැම්පේන්  කරන බොහෝමයක් දේශපාලකයන්ගේ සටන් පාඨයක්ම පමනක් වී ඇති මෙම ගැටලුව විසදෙන බව පේනතෙක් මානයක  නැත. 
මේ වන විට හිස් වූ මිලානෝ කොන්සොලාතො ජෙනරාල් පදවියට නොයෙක් නොයෙක් පුද්ගලයින්ගේ නම් යෝජනා වුවත් පෙර වැරදී හදාගන්නට නොහැකි වුවහොත් නැවතත් සිදුවන්නේ වංචා දූෂන ආසාධාරණකම් මැද්දේ උඩ බලන් සිටීම පමනී. නොඑසේ මීලඟ තානාපතිවරයකු ඒමට මත්තෙන් හිටපු ජෙනරාල්තුමිය විසින් සිදු කල විනිවිදභාවයෙන් තොර වූ  අවිධිමත් ගනුදෙනුව සම්බදයෙන් සොයා බැලීම ශ්‍රී ලංකා විදේශ ආමත්‍යංශයේ මෙන්ම ජනාධිපති තුමාගේද වගකීමකි.  දිනෙන් දින අප්‍රසාදයට පත් වන මෙම ආන්ඩුවට මෙය කදිම අවස්ථාවක් වනුයේ මෙම ගෝඨාභය රාජපක්ෂ ගෙන ඒමට රටෙන් පිට සිට මහත් සේවයක් කල ශ්‍රී ලාංකීකයන්ගේ අහිමි වූ අප්‍රසාදය නැවත ලාකර ගැනීමට හැකි අවස්ථාවකි.

සුනිල් වර්ණකුලසූරිය
මිලානෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here