හිටපු යුධ හමුදාපති මහේෂ් ජනපති සටනට ?

0
102

mahesh-senanayake

ජාතික ජනතා ව්‍යාපාරය මගින් එළඹෙන ජනාධිපතිවරණය සදහා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් හිටපු යුධ හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීම සදහා වන යෝජනාවක් සම්බන්දයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

මින් පෙර ජාතික ජනතා ව්‍යාපාරය මගින් ජනාධිපතිවරණ සටනට හිටපු  විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඉදිරිපත් කිරීමට සූදනාම් වන බව වාර්තා විය.

කෙසේ වෙතත් මින් පෙර අවස්ථාවකදී හිටපු යුධහමුදාපතිවරයගෙන් ජනාධිපතිවරණයට දිරිපත් වීම සම්බන්දයෙන් විමසූ අවස්ථාවේදි ඔහු සදහන් කර සිටියේ රටේ හා දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බවත් එයට සහය දීමට තමන් සූදානම් බවත්ය. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න කාලයාගේ ඇවෑමෙන් විසදෙනු ඇති බවද ඒ මහතා මින්පෙර ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here