( 5.30 pm ) මීගමුව රෝහලේ අගේට තිබුණ තාප්පය කඩ දමා වැඩ අවසන් කර ගැනිමට පවා නොහැකි ව කාලයක් තිස්සේ ඒසෙ පැවැතිම ගැන අනවශ්‍ය මුදල් නාස්තියක් බව බොහෝ දෙනාගේ මතය වි තිබේ.
අත්‍යවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු රෝහලේ ගුණාත්මක වශයෙන් සපුරා ගත යුතු අඩුපාඩු රාශියක් තිබියදී අනවශ්‍ය ලෙස රජයේ එනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් වැය කරමින් මෙලෙස ප්‍රයෝජනයක් නැති ඉදිකිරීම් කිරීම අනවශ්‍ය මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කිරීමක් බව පොදු මතය වි තිබුනි.
කෙසේ වෙතත් වැඩ නිමකරලිමට ප්‍රමාණවත් මුදල් නැති කම් නිසා දැන් කලක පටන් ඉටි රෙදි ඇද දමා වසා දමා ඇති තාප්පය සෙමින් සෙමින් දැන් හැදෙමින් තිබේ.
පසුගිය කාලය තුල ඕනෑම අනවසර වංචනික සහ අනීතික ක්‍රියාවක් සිදුවිය හැකිවා පමණක් නොව රෝහලකට තරම් නොවන අවලස්සන අපිරිසිදු තත්වයක් පවති . තාප්පය කඩා ඉවත දැමු සිමෙන්ති ගඩොල් කෑලි පවා දැන් මාස ගණනක සිට රෝහලේ දැනට භාවිතා නොකරන දකුණු පැත්තේ පිවිසුම් දොර අසල දැක ගත හැකිය.
තාප්පය කඩා දමා වැඩ නිමකර ගත නොහැකිව දැන් මාස 4 ක්ද ඉක්මවා ගොස් තිබේ.
ඒච් .ඒ් ප්‍රනාන්දු