හිටපු සභාපතිගේ අමතක නොවන බස් හෝල්ට් එක සහ යහපාලනයට හේත්තු වීම ?

0
153

wenn bus haltවෙන්න්පුව නගරයේ  ඩයලොග් ආයතනයට ආසන්නයේම මීගමු දෙසට පිහිටා තිබූ  බස් නැවතුම්පළ එම ස්ථානයෙන් ඉවත් කලේ 2012 වසරේදීය.
එසේ ඉවත් කරන ලද්දේ  එම ස්ථානයට පිටුපසින් ඇති ඉඩමේ . සන්විල්  බේක් හවුස් ආයතනයේ හිමිකරු විසින් පීට්සා හට් එක කුලියට දීම හේතුවෙන් ඔවුන්ගේ ඉල්ලීම පරිදිය.
මෙම ඉවත්කිරීම සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන් චෝදනා කිරීමෙන් පසු මීපුර වෙබ් අඩවිය විසින් හිටපු ප්‍රා.සභාපති සුසන්ත පෙරේරා මහතාගෙන් ඒ පිළිබදව විමසීමක්  කරන ලදී. එහිදී ඔහු කියා සිටියේ   මෙම බස්නැවතුම ඉවත් කළේ පීට්සා හට් එකට ඇතුල් වීම සදහා ඇති ඉඩකඩ ලබාදීම පිණිස, සන්විල් බේක් හවුස් අධිපතිගේ ඉල්ලීම මත බවයි.
එමෙන්ම එම බස්නැවතුම්පළ එ් ආසන්න ස්ථානයක නැවත ස්ථාපිත කරන බවත් ඒ සදහා සන්විල් බේක්හවුස් හි හිමිකරුද මුල්‍යමය සහයෝගයක් දක්වන බවයි. මේ සිදුවීම සම්බන්ධව මාර්ග අධිකාරියේ    හලාවත භාර ඉංජිනේරුවරයොගෙන් විමසා සිටි අවස්ථා කීපයකදීම ඔහු කියා සිටියේ වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව සමග සාකච්ජා කර බස්නැවතුම්පළ ඉදිකිරීමට කටයුතු කරන බවයි.  ඒ කිසිවක් 2015 දෙසැම්බර් මාසය දක්වා ඉටුවී නොමැත. හිටපු සභාපති සුසන්ත පෙරේරා නගරයේ ව්‍යාපාරිකයන් කීපදෙනෙකුටම මෙසේ සිය ප්‍රාදේශිය  සභා ධූරය පාවිච්චි කරමින් නීති විරෝධී ආකාරයට මහජනතාවට පීඩවන ආකාරයට සහයෝගය පළකර ඇත.
මේම බස්නැවතුම් පළ පිහිටා ඇති ස්ථානය දවසේ වැඩකරන පැය වලදී ඉතාම ජනාකීර්ණ වන ස්ථානයක් වන අතර රජයේ සේවකයන්, පාසල් දරුවන් හා ප්‍රාදේශීය සභාවට මෙන්ම ප්‍රධාන බැංකු කීපයක ශාකා  සදහා පාරිභෝගිකයන් පැමිණෙන ස්ථානයකි.  දැන් මෙම ස්ථානයේ තවමත් බස්නැවතුම්පළේ මාර්ග සංඥා පුවරුවද තිබේ. එම ස්ථානයට පැමිණෙන මගීන් අව්වේ පිච්චෙමින් ,වැස්සේ තෙමෙමින් බස් වලට අතවනති. පීට්සා හට් එකේ වම් පැත්තේ පිවිසුමට ඇති තරම් ඉඩකඩ තිබේ. බස්නැවතුම ඉවත්කර ඉඩලබාදී ඇත්තේ් දකුණු පස පිවිසුමටය. වාහන හැසිරවීමට ඇති තරම් ඉඩ තිබියදී නීත්‍යානුකූල නොවන ආකාරයට බස්නැවතුම්පළ ඉවත්කිරීමට සුසන්ත පෙරේරා විසින් කටයුතු කරන ලදී. දැන් මෙම ස්ථානයේ හිටගෙන සිටින මගීන්ට පීට්සා හට් එකට එන, යන ,හරවන වාහන නිසා ඈතින් එන බස්රථ ද පෙනෙන්නේ නැත.ඔවුන් පාර මැද්දට ගොස් බස් වලට අත වැනිය යුතුය. ඒ මදිවාට පීට්සා හට් එක ඉදිරිපිටද වාහන නවතාගෙන සිටියි.
දැන් මේ ගැටළුව විසදන්නේ කවු ද?
සුසන්ත පෙරේරා නැවතත් දේශපාලනය එන බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ අදහස් කර තිබේ. දැන් ඔහු යහපාලන ආණ්ඩුවට සම්බන්ධයක් හදාගෙන ඇති අතර  ඔහු යහපාලනය යනු කුමක්ද කියා දැන සිටියාද යන්න ගැන සැකයක් මතුවේ. කෙසේ වුවත් බස් නැවතුම්පළ හැරෙන්නට ඔහුව සිහිවීම පිණි සුසන්ත පෙරේරා ඉතිරිකර ගිය තවත් සම්පූරණ නොවූ ,නීති විරෝධී ඉදිකිරීම් වෙන්නප්පුව නගරයේ තිබේ.

අදාළ ප්‍රවෘත්ති

1 පීසා හට් එක නිසා ගැලවූ බස් හෝල්ට් එක කෝ ?


2
පිට්සා හට් එකේ සහයට කඩපු බස්නැවතුම කෝ සුසන්ත????