( 9.40 am )හිටපු ආරක්ෂක ලේකම් හා හිට්ලර් අතර ඇති සම්බන්ධය ගැන පුළුල් සාමාජ කතිකාවක් පසුගිය කාලය තුල මතුව තිබුණි.
ඒ ඔහු විසින් මේ සමාජයට මුදාහරින ලද මිලටරිවාදි පාලනය නිසාය.
එහි ප්රබලතම ගොදුරක් බවට පත්වු ජනකොට්ටාශයක් වි තිබුනේ මේ රටේ මුස්ලිම් ජනතාවයි.
තතු එසේව තිබියදි එකි මුස්ලිම් ජනයා අතර හිටපු ආරක්ෂක ලේකම්ව කැදවා ගෙන ඒමට කටයුතු කර තිබුනේ මුස්ලිම් දේශපාලකයෙකුම විසිනි.
දේශපාලනයේදි ප්රතිපත්තියක් නැතැයි අවස්ථා ගණනවකදි එළිපිටම ඔප්පු කර ඇති මේ දේශපාලකයා ලංකාවේ හිට්ලර්ගේ මිගමු නියෝජිතයා යැයි කථාබහක් මේ වන විට මිගමුව දේශපාලන කරලිය තුල දැන් මතුව තිබේ.
සුළු ජාතිකයන්ගේ අන්ත අප්රසාදයකට පත්ව ඇති හිට්ලර් පන්නයේ දේශපාලකයන් හා කරේ අත දාගත හැක්කේද එ් පන්නයේම අයට මිස අන් අයට නොවේ .
හිටපු ආරක්ෂක ලේකම් ගෙන්වා මුස්ලිම් ජනයා ලවා මල්මාලා දමා ගොඩයන්නට එදා ඇතැම් දේශපාලකයන් කල්පනා කළද එකි රැස්විමට එක්ව සිට පිටකොදු ඇති මුස්ලිම් ජනයා විසින් ලංකාවේ හිට්ලර්ව බරපතල ප්රශ්ණ කිරිමටක ලක්කරන්නට යෙදුණි.