හිත තුවාල කර රෝගීන්ගේ තුවාල වලට ⁣බෙහෙත් දමන මීගමු රෝහල….

0
331


( 10.15 am ) අද ( 21) ඉරිදා බැවින් මීගමු රෝහලේ තුවාල වලට බෙහෙත් දමන ස්ථානයේ එම කටයුතු 10.00 වන විට නතර කරන බව අදාල නිල දරුවෙකු මා සමඟ පැවසීය. 9.20 වනතෙක් තුවාල දැමීමට අවශ්‍ය පුළුන්, ප්ලාස්ටර් ආදියත්, අදාල සේවකයෙකුත් ලැබී නොතිබින.

රෝගීන් සියළු දෙනා දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව පෙනින. එසේම දිගු පෝලිමක් නිර්මාණය වී තිබින. මෙය රෝගීන් නිතරම මුහුණ දෙන සාමාන්‍ය තත්වයකි. සියළු බලධාරීන් සහ වගකිවයුතු සියළු දෙනා මුනිවත රකිති. රෝහලේ සියළු අංශයන් රෝගී තත්වයට පත්වීමට මෙම තත්වය ප්‍රධාන හේතුවක් බව එක් නිලධාරි මහතෙකු අප සමඟ පැවසීය.

සියළු ප්‍රශ්ණ විසඳා ගැනීම අරමුණු කර ගනිමින් මධ්‍යරජයට මීගමු රෝහල පවරා ගත යුතුය යන්න පසුගිය කාලය තුළ නිතර සාකච්ඡාවට බඳුන් වී තිබින. ඒ සඳහා කරන ලද කැපකිරීම අතීතයට එකතුවූ එක් සටහනක් පමණකි. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල මධ්‍යම රජයට පවරා ගැනින. එසේවූ පමණින් සියළු ප්‍රශ්ණ විසඳෙනවාය යන අදහස අද වනවිට බොඳවී ගොස් ඇත. මෙම තත්වය තිබුණු තැනින් තවත් පහලට වැටී ඇත.

ඒ නිසා තුවාල වලට බෙහෙත් දමා ගැනීම සඳහා මෙම ස්ථානයට එන රෝගීන්ගේ ගතට ⁣ප්‍රමාද වී හෝ බෙහෙත් දමන නමුත් ඔවුන් රෝහලින් පිටතට යනනේ තම හිත තුවාල කරගෙනය.
සැම්සන් ඥානසිරි