”හිරු ”එකට කොන්දක් නෑ ! ෆේස් බුක් එකේ අපුරු සංවාදයක් !

0
152

දිවුලපිටිය ආසනයේ සිදුවෙමින් ඇති දැවන්ත වැලි ජාවාරමට එරෙහිව ජනතාගේ පැත්ත ගත්තු නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට එරෙහිව මේ දිනවල හිරු නාලිකාව විසින් ගෙන යන මාධ්‍ය ප්‍රහාරයේ අරමුණ ඉතා පැහැදිලිය.
හිරු සහ එසේ කරන තවත් නාලිකාවලට නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක පැහැදිලිව එක් අභියොගයක් එල්ල කර සිටි.
ඒ පිළිබදව සටහන් කිපයක්ම ඔහුගේ මුහුණු පොතේ සටහන්ව තිබේ.
මේ අතර මෙ දිනවල මුහුණු පොතේ මේ පිළිබදව දිර්ඝ සංවාදයක් විවිධ කොණවලින් ඉදිරියට පැමිණෙනමින් තිබේ.
ඇතැම් ඒකපාර්ශවිය මාධ්‍ය භාවිතාවන්ට එරෙහිව ජනතා මතය නිදහසේ ගොනුකළ හැකි පොදුවේදිකාව බවට දැන් මුහුණු පොත පත්ව හමාරය.
ලොකුවට හිතන්න ඉන්න මාධ්‍ය ඔස්තාර්ලාගේ කලිසම් දැන් නොදැනිම මුහුණු පොත හරහා ගැලවෙමින් තිබේ.
ජයවේවා.
පහත පළවන්නේ රංජන් රාමනායක මුහුණ පොතේ පළව තිබේ සටහන් කිපයකි.

මේ මන්ත්‍රීවරයාගේ interview ගහන හිරු එකට කොන්දක් නැහැනේ මෙයාගෙන් මේ පරිසර විනාශය ගැන අහන්න

දැන් මෙතුමිය interview කරපු එක නාළිකාවක් වත් ඇහුවේ නැත්තේ ඇයි වසර ගණනාවක් තිස්සේ සිදුවුණු පරිසර විනාශය ගැන කළ පැමිණිලි ගැන ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ ඇයි කියලා ?

හොරෙන් පස් කපලා දිවුලපිටිය මිනිසුන්ට වතුර නහැ ..කථා කරපුවාම වගකීමක් නැහැලූ ..කාට කියන්න ද..ලිඛිතව එවන්න ලූ ..call ගත්තාම කට් කරනවා .

වසර දෙකක් තිස්සේ සිදුවන පරිසර විනාශය ගැන පැමිණිලි ගණනාවක් කරලත් ඒ පැමිණිලි වලට මොකද වුනේ කියල ඇහුවම ඒකටත් පැමිණිල්ලක් එවන්න කියල ෆෝන් කට් කරන පුදුම දුෂිත නිලධාරීන් ඉන්න රටක් මේක

Image may contain: 2 people, text

Edit