”හිරු මෙගා ”ට අනුග්‍රහය දැක්වු රනෝවේල් හෝටලය ඇලක් ගොඩකරල හදපු එකක් ?

0
92

තෝප්පුව ඇලහිරු මෙගා බ්ලාස්ට් එක හිරු ටිවි එකේ පෙන්වද්දි තමයි දැනගන්න ලැබුනේ ඒකට අනුග්‍රහය දක්වන්නේ රනෝවේල් හෝටලය කියල.ඒ කියන්නේ දැන් ඒ හෝටලය ගැන රටේ හැමෝම දන්නවා.හැබැයි නොදන්න එක දෙයක් තියෙනවා.
ඒ තමයි මේ හෝටලය හදල තියෙන්නේ සිතියම් ගත මායිම් ඇලක් ගොඩකරල කියල….
දුප්පත් මිනිහෙක් කැලේකට ගිහින් දරට දරකොටු ටිකක් කපාගත්තොත් නඩු දාන රටක ඇලක් එහෙම පිටින් වහල හෝටලයක් හදනවා .
මෙන්න ඒ විස්තරේ හැබැයි අපෙන්ම විතරමයි ……

මීගමුව සහ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම සලකුණ කරනු ලබන කොච්චිකඩේ නගරය සමිපයෙන් මා ඔයට ජලය බැස යන ස්වාභාවික ජල මාර්ගයක් තියෙනවා ඒකට කියන්නේ තෝප්පුව  ඇල කියලා.අඩි 20 ක් පමණ පළල  මේ ඇලේ  ස්වාභාවික පිහිටිම වෙනස් කරලා  2011 ඔක්තෝබර් 10 වනදා එනම් පළාත් පාලන මැතිවරණය තිබ්බ දවසේ අළුත් ඇල මාර්ගයක් කපන්න කොච්චිකඩේ ප්‍රදේශයේ කැලුම් නම් ව්‍යාපාරිකයෙකු කටයුතු කරනවා.මා ඹයට ඇදෙන මේ ඇල එක්තරා තැනකදි දකුණ දෙසට වු වංගුවක හැඩයක් අරගෙන තමයි  මා ඔය කරා ගමන් කරන්නේමේ වංගුව සහිත කොටසේ මායිම පිහිටා තියෙන්නේ  මේ කැලුම් නම් ව්‍යාපාරිකයාගේ ඉඩමටයි.ඒක අයිති වෙන්නේ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට.කැලුම් මෙතනදි දෙන්නේ මාර ගේමක් . මොකද එයාට ඕන වෙනව මේ ඇලේ වංගුව කෙලින් කරල  ඒ කැල්ලත් එයාගේ ඉඩමට ඈදගන්න.

මේ හින්ද මීගමුවේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය පැත්තෙන් තවත් ඉඩ අරන් තමයි මේ කෘතිම ඇල කපන්නේ.මේ ක ඇත්තටම බරපතල නිති විරෝධි කටයුත්තක් .නමුත් කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉන්න ලොක්කන්ගේ ඉදල බක්කෝ දක්වාම මේ ගැන කිසිම දෙයක් කියන්නේ නැ.තෝප්පුව ඇලේ කටාන පැත්තේ ග්‍රාම නිළධාරියාට මේව ගැන වගේ වගක් නැ මිනිහට ගිනිකන වැටිල තියෙන්නේ.

කොන්ද කෙලින් තියාගෙන විනයගරුක නිලධාරින් හැටියට කටයුතු කරන්නේ මේ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි තුමියයි මීගමුව ප්‍රාදේශිය ලේකම් තුමයි කොච්චිකඩේ පොලිසියට එන අලුත් ප්‍රධානියයි තමයි.කොහොම හරි මේ ප්‍රශ්ණෙ අධිකරණයට යනවා . ගමේ සෙනග බලන්නේ ඉන්නේ ඇලක් විනාශ කරපු කැලුම් ගගේ යයි කියල.

අන්තිමේදි කැලුම් ගොඩ .  ඇල වහල ගොඩකරත්තු ඉඩම් කැල්ලේ පස්සේ හෝටලයක් හැදෙනවා .ඒ හෝටලය තමයි රනෝවේල් කියන්නේ ..

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here