මනාපවලින් රොයිස් දෙවනියා…..

2
129

(දෙවන සංස්කරණය ප.ව 11.03) -මීගමුවේ මැතිවරණය සටන කඩාකප්පල් කර ගම්පහ දිස්ත්‍රික්කයම අඩපන කරන්නට සිතා රජය විසින් සිදුකළ සියළු සැලසුම් පරාජය කරමින් රැදවුම් නියෝග මත සිට  ඡන්දය ඉල්ලු  රොයිස් විජිත ගම්පහ මනාප ලයිස්තුවේ දෙවන තැනට පත්ව ඇතැයි නිළ නොවන ආරංචි මාර්ග දක්වා සිටි.
එමෙන්ම දෛවයේ සරදමක් ලෙසින් දෝ මැතිවරණය වෙනුවෙන් ලක්ෂ 1000 ක් පමණක් නොව සියලු රාජ්‍ය දේපල මෙන්ම නගර සභාවේ මිනිස් සම්පතද ඇතුළු සියල්ල වැය කරමින් දිස්ත්‍රික්කය පුරා දැවැන්ත කටඅවුට් පමණක් නොව හංදියක් ගානේ මැතිවරණ කාර්යාල පිහිටුවා කැරම් ගසන්නට ලක්ෂ ගනන් සල්ලි විසි කළ හිටපු ඇමති නිමල් ලංසාද ගම්පහ සන්ධාන මනාප ලයිස්තුවේ දෙවන තැනට පත්ව ඇතැයි සැලය.
පලාත් දෙකේම වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය කරන ලයිස්තුවේ තෙවන තැන හිමිව තිබුනේ ද නිමල් ලංසා හටය.
ඔහුට එරෙහිව වු පැමිණිලි ගණන 351 ක් ලෙස මාධ්‍ය විසින් හෙළිකර තිබුණි.
පසුගිය දිනක ජනාධිපතිවරයා පැමිණි අවසන් ඡන්ද රැස්විම සදහා මීගමුවෙන් කාන්තාවන් රැගෙන  ගොස් තිබුනේ රු 2000 ක් වතුර බෝතලයක් සහ කෑම පාර්සලයක් ලබාදෙමිනි.
මනාප එක්ලක්ෂ හැත්තෑපන්ලක්ෂයක් පමණ ලබා හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග පවා පරාජය කිරිමෙ ඉල්ලකයක් මත මනාප සටන මෙහෙය වු බව හෙළිකර සිටින්නේද ඔහුගේම ආධාරකරුවන් විසින්මය.
එහෙත් ප්‍රසන්න රණතුංග මනාප 230000 ලබද්දි හිටපු ඇමති නිමල් ලංසා ලබන්නේ මනාප 105000 කි.
රොයිස් විජිත ලැබු මනාප ගණන 30000 ක් පමණ වේ.
මේ සම්බන්ධයෙන් මිපුර අමතා අදහස් දැක්වු එජාප ක්‍රියාධරයෙකු හෙළිකර සිටියේ නිමල් ලංසාගේ එක් මනාපයක වටිනාකම රු 952 ක් වන කළ රොයිස් විජිතගේ  එක් මනාපයක වටිනාකම රු 6 ක් පමණ වන බවය. තවදුරටත් අදහස් දක්වා සිටි ඒ ක්‍රියාකාරිකයා  පවසා සිටියේ තමන් පුද්ගලිකවම දන්නා පරිදි රොයිස් විජිත වැයකරන්නට ඇත්තේ රු ලක්ෂ 2 ක් පමණක් බවය.Handala1_600px_14_01_20

2 COMMENTS

  1. ඔබගේ ප්‍රවෘත්තියේ පරස්පර තැන් තිබේ.

    …..රොයිස් විජිත ලැබු මනාප ගණන 300000 ක් පමණ වේ…..

    …..රොයිස් එක් මනාපයක වටිනාකම රු 6 ක් පමණ වන බවය…..

    ….. රොයිස් විජිත වැයකරන්නට ඇත්තේ රු ලක්ෂ 2 ක් පමණක් බවය…..

    ඕනෑම කෙනෙකුට තේරෙනවා ඉහත අගයන් වැරදි බව බැලු පමණින්.

    චන්ද 300,000 / රු. 200, 000 = රු. 1.50

    මේවා 100%ක් නිවැරදි අගයන් නොවන බව ඇත්ත. නමුත් නිමායනය කරන අගයන් එකිනෙක පරස් වීම පිළිගත නොහැකියි.

    **තවද ඔබගේ ප්‍රවෘත්තිය සමබර නොවන බව මගේ අදහසයි. ලිපිය තුලින් පුද්ගලික තරහ පිරිමසාගන්නා ආකාරයක් පෙනේ. ප්‍රවෘත්තියකින් පාඨකයා බලාපොරොත්තු වන්නේ අදාළ සිද්දිය පමණක් බවත්, ඔබගේ පුද්ගලික මතවාද නොවන බවත් සලකන්න. බොහෝ ප්‍රවෘත්ති සපයන්නන්ට මෙය අමතක වී ඇත.

Comments are closed.