හුරුල්ලො මාලු වලින් හදන කෑම ජාති දෙකක්

0
641

නිරෝගිමත් සමක් සඳහා පලතුරු සහ එළවළු ආහාරයට එක් කර ගත යුතු බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. එළවළු පලතුරු මෙන්ම වැඩිපුර මාළු ආහාරයට එක්කර ගැනීම ද නිරෝගී සමක් සඳහා හේතු වන සාධකයක් වෙනවා. කුඩා මාළු ඔබගේ ආහාර වේලට එකතු කර ගැනීම මගින් ඔබේ සමේ තරුණ බව සුරැකීමට සුවිශේෂී හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් මාළු බොහෝ දෙනා ප්‍රිය කරනවා. එම මාළු වර්ග අතරින් හුරුල්ලන් තුළ ප්‍රෝටීන් මේද අම්ල විටමින් ඩී වැනි සමට අත්‍යවශ්‍යය පෝෂණ සංඝටක අඩංගු යි. මේ නිසා මෙම ලිපිය තුලින් හුරුල්ලන් රසවත්ව සාදාගන්නා ආකාර දෙකක් අපි බලමු.

 

හුරුල්ලො ස්ටු

 

1 onewN6570b

 

අවශ්‍ය ද්‍රව්‍ය :

 

  •  හුරුල්ලො මාලු ග්‍රෑම් 250 ක්
  • ඔලිව් තෙල් මේස හැඳි 6 ක්
  • ලූනු ගෙඩියක්
  • සුදුළූණු බික් 3 ක්
  • කපාගත් තක්කාලි කෝප්ප 1/2 ක්
  • එළවළු ස්ටු කෝප්ප 1 1/2 ක්
  • වයිට් වයින් මේස හැඳි 1 ක්
  • ඔරිගානෝ ස්වල්පයක්
  • Tabasco සෝස් මේස හැන්දක්
  • ලුණු, ගම්මිරිස් (රස අනුව)

 

සාදා ගන්නා ආකාරය

 

පළමුවෙන් භාජනයක් ගෙන එය ලිපේ තබා ඔලිව් තෙල් එයට එක් කරන්න .ඉන් පසුව එයට ලුණු එක්කර විනාඩි කිහිපයක් මද ගින්නේ පිස ගන්න .ඉන් පසුව එයට සුදු ළූණු පාස්ලි එක් කර ගන්න. මද වේලාවකට පසු එයට තක්කාලි ද එක් කරන්න. මේවා මද ගින්නේ විනාඩි කිහිපයක් ඉදෙන්නට හැර එයට දෙහි යුෂ මාළු Tobasco සෝස් ලුණු ගම්මිරිස් හා එළවළු ස්ටු එක්කර මාළු තැම්බෙන තුරු හොදින් පිස ගෙන රස බලන්න.

 

හුරුල්ලො ඩෙවල්

 

2 aonwN7793s

 

අවශ්‍ය ද්‍රව්‍ය :

 

  • කහ ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • හුරුල්ලො මාලු ග්‍රෑම් 250  ක්
  • ගම්මිරිස්, ලුණු (රස අනුව)
  • දෙහි බෑයක යුෂ
  • ඉඟුරු /සුදුලූනු ග්‍රෑම් 10 ක්
  • ලූනු ගෙඩි දෙකක්
  • තක්කාලි ගෙඩියක්
  • බෙල්පෙපර් ගෙඩියක්
  • තක්කාලි සෝස් මේස හැඳි දෙකක්
  • රම්පෙ කරපිංචා ස්වල්පයක්
  • බැද ගැනීමට තෙල්

 

සාදාගන්නා ආකාරය

 

පළමුවෙන් කහ මිරිස් කුඩු ගම්මිරිස් ලුණු හා දෙහි හුරුල්ලන් මාලු සමඟ මිශ්‍ර කර පසෙකින් තබන්න. පසුව ලූනු තක්කාලි බෙල් පෙපර් තරමක් විශාල කැබලි වලට කපා ගෙන සකස් කරගත් හුරුල්ලන් මිශ්‍රණය සමගින් විනාඩි පහළොවක් පමණ මදගින්නේ බැදගන්න. පසුව භාජනයක් ලිපේ තබා එයට සුදු ළූණු ඉඟුරු රම්පෙ කරපිංචා එක්කර ගන්න.  ඉන්පසු එයට ලුණු, ලූනු, තක්කාලි, තක්කාලි සෝස්, ගම්මිරිස් එක් කරගන්න. පසුව විනාඩි කිහිපයකින් ළූනු සහ බැදගත් මාළු එක්කර මිශ්‍ර කර ගන්න. විනාඩි කිහිපයක් පිස ලිපෙන් ඉවත් කර ගෙන රස බලන්න.

by Dilki Shamani

Photo Source : Internet

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here