
2015 මිගමුවේ පැවැති රාජපක්ෂ දිනවිමේ රැස්විමේදි නිමල් ලංසා කාන්තාවන්ද ඉදිරියෙන් සිටියද කුණුහරුප කියමින් රනිල්ටත්,මෛත්‍රිටත් බැන වැදුණි.
මෛත්‍රී දිනා ජනාධිපති විය.රනිල් අගමැති කම හිමිවිය. දිනක් ගතවන්නටත් මත්තෙන් නිමල් ලංසා මිගමුව පෝස්ටර්යක් ඇලවිය.එහි වුයේ ජනපති බවට පත්වු ශ්‍රිලනිප සභාපති මෛත්‍රීට සුබ පතමිනි.


එපමණක් නොව ඔහු යහපාලන රජයේ අමැතිවරයෙකුද විය.
කලක් ගිය පසු ඔහු සුපුරුදු පරිදි ගියර් මාරුකලේය.
වමට සිග්නල් දමාගෙන සිටි නිමල් ලංසා හැරවුයේ දකුණටය.ඒ ගොඨාබය දිනවිමටය.
දැන් යළිත් හැරවිල්ලක්ය.ඒ රාජපක්ෂලා අතහැර රනිල් වික්‍රමසිංහගේ පැත්තටය.
ලංසාගේ කළු ආර්ථික කාරණා වලට අනුව බලය නැතුව ඔවුන්ගේ පවුලට පවතින්නට බැරිය.
මාලුවාට වතුර නැතිව බැරිවා සේ නිමල් ලංසටත්, ලංසා පවුලටත් බලය නැතිව බැරිය.
