‘හුස්ම’ සිනමා කෘතිය පිළිබද කතිකාවක්

0
506
husma
   ‘‘ CSR කලා කෙත’’ මගින් සංවිධානය කරනු ලබන සිනමා  කතිකාව සදහා සිනමාවේදී සුදේශ් වසන්ත පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘‘හුස්ම’ සිංහල චිත‍්‍රපටය සම්බන්ධ විද්වත් සිනමා කතිකාවක් හා  චිත‍්‍රපට  ප‍්‍රදර්ශනයද සමග පෙබරවාරි 29 වන සෙනසුරාදා සවස 1.00 සිට මරදාන ඩීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

විචාරක භූපති නලින් වික‍්‍රමගේ, විචාරිකා උපේක්ෂා නුවන්ශ‍්‍රීනි, විචාරක තිවංක විශ්වනාත් ජයසේකර, විචාරිකා ලංකා බණ්ඩාරනායක විද්වත් මඩුල්ල වෙනුවෙන් අදහස් දක්වන අතර ප‍්‍රවීන මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ සභාව මෙහෙයැවීම හා නිවේදනය සිදු කරනු ලබයි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධය එ්කකයේ පූර්ණ අනුග‍්‍රහයෙන් හා සංවිධානයෙන් පැවැත් වූ මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය ‘‘කෙටි චිත‍්‍රපට සංගමය’’ හා ‘‘ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය’’ මගිනි.

පෙබරවාරි 29 දින ” CSR මාසික විද්වත් සිනමා කතිකාවෙන්” මෙවර ‘‘හුස්ම’’ ච්ත‍්‍රපට ප‍්‍රදර්ශනය හා සංවාදය ( චිත‍්‍රපටය වැඩිහිටියන්ට පමණක් වෙන්වූවක් බව සලකන්න)