හෘද සාක්ෂියක් ඇති මිනිසුන්,ගැහැණුන් ඔ්නැ කර තිබේ. අදත් මීගමුවේ විරෝධතා !

0
618

IMG 20220403 091927 scaledරට පත්ව ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ ඉන් පිඩාවට පත් ජනයා උපරිම ලෙසින් ඉවසා සිටියද කිසිදු විසදුමක් නොපෙනන නිසා ඔවුන් විසින් ම පාරට පැමිණ සිය විරෝධය පළකරන්නට පටන් ගැනිමට ලංකාවේ මෑත දේශපාලන වර්ධනයන් තුල මතුවු ඉතාමත් වැදගත්ම ප්‍රවණාවයව වි තිබේ.
එයට බියවු ගෝඨාභය ජනපති ඇතුළු ආණ්ඩුව ඊයේ ඇදිරි නිතිය යොදා සමාජ මාධ්‍ය අවහිර කළද හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ව නවතා ලිමට ගෝඨාබයට නොහැකි වි ඇත.
ඔවුන් ඇදිරි නිතිය ඒසේව තිබියදි තනි තනිව හෝ මේ නරුම පාලනයට අභියෝග කරන්නට පටන් ගෙන තිබේ.IMG 20220403 092916 scaled
අද පෙ.ව 9 ට පෙරියමුල්ල ඇඩ්නිවස් පාරේ ජුඩ් නැමැති පුද්ලයෙකු තනිවම ගෝඨා විරෝධි පුවරුක්ද රැගෙන පුටුවක වාඩිවි සිය විරෝධය පළකිරිම අරභා තිබුණි.IMG 20220403 095213 scaled

ඊට මිටර් කිපයකට නුදුරින් කොළඹ හලාවත මාර්ගයේ පවුලක්ම සිය නිවස ඉදිරිපිට පැමිණ පුවරු ප්‍රදර්ශණය කරමින් සිය විරෝධය පළකරන්නට පටන් ගෙන තිබේ.
මේ අයගේ අවනත වන්නේ සිය හෘද සාක්ෂියට මිස ගෝ්‍ඨාභය ජනපතිගේ අණට නොවන බව ඉතා පැහැදිලිය .
එය ඉතා පැහැදිලි ඉදිරිගාමි දේශපාලන වර්ධනයකි.දියුණු දේශපාලන සංස්කෘතියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here