එයට බියවු ගෝඨාභය ජනපති ඇතුළු ආණ්ඩුව ඊයේ ඇදිරි නිතිය යොදා සමාජ මාධ්‍ය අවහිර කළද හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ව නවතා ලිමට ගෝඨාබයට නොහැකි වි ඇත.
ඔවුන් ඇදිරි නිතිය ඒසේව තිබියදි තනි තනිව හෝ මේ නරුම පාලනයට අභියෝග කරන්නට පටන් ගෙන තිබේ.
අද පෙ.ව 9 ට පෙරියමුල්ල ඇඩ්නිවස් පාරේ ජුඩ් නැමැති පුද්ලයෙකු තනිවම ගෝඨා විරෝධි පුවරුක්ද රැගෙන පුටුවක වාඩිවි සිය විරෝධය පළකිරිම අරභා තිබුණි.
ඊට මිටර් කිපයකට නුදුරින් කොළඹ හලාවත මාර්ගයේ පවුලක්ම සිය නිවස ඉදිරිපිට පැමිණ පුවරු ප්‍රදර්ශණය කරමින් සිය විරෝධය පළකරන්නට පටන් ගෙන තිබේ.
මේ අයගේ අවනත වන්නේ සිය හෘද සාක්ෂියට මිස ගෝ්ඨාභය ජනපතිගේ අණට නොවන බව ඉතා පැහැදිලිය .
එය ඉතා පැහැදිලි ඉදිරිගාමි දේශපාලන වර්ධනයකි.දියුණු දේශපාලන සංස්කෘතියකි.