අපි හැමදාම කියනව වගේ මිනිහට ඇමතිකම් නැතුව ඉන්න බැ. හරියට මාළුවට වතුර නැතුව ඉන්න බැ වගේ.
මුළු මිගමුව හුරන් කලා කාබසිනියා කරන මල්ලිව බේරගන්නත් ඔ්නා. මහජන දේපල වලින් සල්ලි හම්බකරන් සුදි කරන්න අත දිහගහැරල සල්ලි විසිකරන්න තාත්තාට ඉඩ සලසල දෙන්නත් ඔ්නා.
ඉතින් ජනතාවට ගොනාට අන්දල ලංසා හැමදාම කලේ ආතල් ගන්න එක.
ඇමතිකමෙන් අයින් වුනානම් යාන වාහන බාර දිල කාර්ය මණ්ඩලය විසුරුවා හැරල සපත්තු නැත්තම් අර එදා වගේ සෙරප්පු දාගෙන දළුපත ගෙදරට ගිහින් පාඩුවේ ඉන්න එපැයි .
කෝ එහෙම නැ. ජනතාව පෝලිම් වල දුක්විදිනව. ධිවරයන්ට මුහුදු යන්න තෙල් නැ. ගෑස් නැති හින්ද භුමිතෙල් ලිපයක් පත්තු කරගන්න පැය ගණන් මිනිස්සු රස්සාදු වෙන්නේ භුමිතෙල් ලිටර් 3 ක් ගන්න.
කෝ මේ හෘද සාක්ෂියේ ඇමති ඇවිත් මේ ජනතාවගේ දුක ගැන බලන්න ඔ්නනේ . කොහෙද පොර ෆුල්ම ආතල් එකේ මහජන මුදලින් තාමත් සුර සැප විදිනව .