හෘද සැත්කම් එ්කකය පෙබරවාරි මස ජනතා අයිතියට .

0
80

IMG-20200131-WA0009

මීගමුව මහ රෝහලේ හෘදරෝග සඳහා වූ ඒකකය ගොඩ නැගීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුවෙමින් පවතී.එහි දැඩිසත්කාර ඒකකයට අදාල ආවරණ සවිකර එය සම්පූර්ණ කර ඇත . මෙම ⁣ දැඩිසත්කාර ඒකකයට භාවිතා කෙරෙන්නේ නවීන පන්නයේ ඇඳන් සහ උපකරණය. ඇඳන් 10 ක් මේ සඳහා යොදාගනිමින් ඊට අදාල සියළු උපකරණ ලබාදීමට මැදිහත් වී ඇත්තේ සිංහ සමාජයයි .මේ සඳහා ඔවුන් ලක්ෂ 300 ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතය . IMG-20200131-WA0006
අප මීට පෙරද සඳහන් කළේ මෙම කටයුත්ත සිදු නොවන දෙයක් ලෙස සමහරු අර්ථ දක්වන බවයි . එසේම රෝහල් සංවර්ධන පදනමේ කටයුතු විවේචනය කරන මේ අය අතර වෛද්‍යවරුද සිටින බවද පෙනේ.
කුරුණෑගල රෝහල සහ කොළඹ ජාතික රෝහල හැරුණු විට හෘදරෝග ඒකකයක් සහිත වෙනත් රෝහලක් නැතිවීම නිසාද මෙම රෝහලට එහි අවශ්‍යතාව තදින්ම දැනේ.මෙකී සියළු කරුණු මත ගොඩනැගෙන මෙම හෘද සැත්කම් ඒකකය සියළු බාධා ජයගෙන පෙබරවාරි මස විවෘත කර ජනතා අයිතියට පවරන බව මීගමුව රෝහල් සංවර්ධන පදනමේ සභාපති ක්‍රිෂාන්ත දල්පදාතු මහතා අප සමඟ පැවසීය .
කෙසේ නමුත් මීගමුව මහරෝහලට මෙවැනි ඒකකයක අවශ්‍යතාව දැඩිව පවතින බවත්, ඒනිසා මෙම හෘද සැත්කම් ඒකකය පිළිබඳව අප සියළු දෙනාටම සතුටු විය හැකි කාරණයක් බවත් කිවයුතුය .
එයට හේතු ගනනාවක් පිළිබඳව එනම් ගුවන්තොටුපළ , වෙළඳකලාපය , පාසැල් පද්ධතිය , සංචාරක කලාපයක් ලෙස පැවතීම යන කරුණු සටහන් කර දක්වන ලදී .