හෙක්ටර් අප්පුහාමි,අනිල් සහ වයඹ පළාත් සභාව

0
114

lakewennappuwa-මීපුර වෙබ් එකේ වැව ගැන යන සාකච්ජාව අපට ඉතාමත් වැදගත් .ඒකෙන් අපේ දේශපාලනේ තියෙන නියම ස්වභාවය ගැන කියනවනේ.මේ ගැන අපි විවෘතවම කථා කරමු.ඡන්දේ ලග හින්ද තවත් හොදයි. දැන් වයඹ මේ මාසේ 24 වෙනිදා විසරුවන්න ලෑස්තියි කියල මාධ්‍ය අපට කියනවා.
මේ වැව අපේ ගමේ අපි පොඩි කාලේ ඉදන්ම මිනිස්සු ගොවිතැන් කරපු වැව.මේක කෘෂිකාර්මික වැවක් නෙමේ කියල කව්ද රාජ්‍ය නිළධාරියෙක් කිව්ව කියල වෙබ් එකේ තිබුනා.
එහෙම කියන අයට අපි කියන්නේ ඇවිත් අපේ පරණ අයගෙන් අහන්න.මේ වගේ බයිල කියන නිළධාරින්ට අපට කෙලින්ම කථා කරන්න බෑනේ.
එහෙම ක්‍රමයක් එහෙම නෑනේ. ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙනගත්තු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි මන්ත්‍රිල පත්කරන්නේ අපව නියෝජනය කරන්න.
වැව් අයිති පළාත් සභාවට. ආණ්ඩුපක්ෂයේ අය මේ අසාධාරණකම් ගැන තමුන් පාලනේ ඉන්න කොට කථාකරන්නෙ නෑ.අපට යන්න වෙන්නේ ඒ හින්ද විපක්ෂෙ ලගට .මම දන්න විදියට මේ පැත්ත නියෝජනය කරන්න ඉන්නේ හෙක්ටර් අප්පුහාමි කියන මන්ත්‍රිතුමා. ඉතින් එතුමා මේ වැවට වෙන අසාධාරණය ගැන මුකුත්ම කථා කරල නැද්ද.
එහෙම නැත්නම් අපි ඇයි එයාලව පත්කරල ඇරල තියෙන්නේ.
නෑ මං අහන එක වැරදි නෑනේ.
අපට පළාත් සභා නිති ගැන දන්නෙත් නැත්නම් ඒව ගැන දන්න මන්ත්‍රිලත් නිහඩනම් මට නම් තේරෙන්නේ නෑ මෙයාල ඇයි ආයෙමත් මන්ත්‍රිල වෙන්න මේ දගලන්නේ.
පවුල්වල අයටයි නෑයන්ටයි හිතවත් අයටයි වාසි ඇති.
ඔය අනිල් කියන මහත්තයගේ හයියට අපේ පැත්තේ ප්‍රාෙද්ශිය සභාවේ සභාපති ඉන්නව . එත් අසාධාරණයට ලක්වෙන අයට කෝ විපක්ෂෙන් එක මන්ත්‍රි කෙනෙක් වත් නෑ
ඉතින් අපි මොකටද මෙයාලාව ආයෙත් පත්කරන්නේ.
දෙවියන්ගේ නාමෙන් බිත්තිවල හිනාවෙල අපව ආයිමත් මුලාකරන්න එපා.අපි තමුන්නාන්සෙලටයි ජන්දෙ දුන්නේ.
කෝ ඒත් වැඩක් නෑ.
එම්.මාලන් ප්‍රනාන්දු
වෙන්නප්පුව