හෙටත් මිගමුවට මාළු නැද්ද ?

0
118

IMG_20200424_080527පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පසුගිය දින කිපය පුරාවටම දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් මිගමුවට මාළු තොග පැමිණ තිබෙුනේ නැත.
එමෙන්ම මිගමුවේ කුඩා බෝට්ටු, රුවල් ඔරු මෙන් තෙප්පම්කරුවන්ද රැකියාවට ගොස් තිබුනේ නැත.
මේ හේතුවෙන් මිගමුවේ සියළු ලෙල්ලම් වල මාළු තිබුනේ නැති තරම්ය.
යම් පමණකට දිනපතා ඉතා සුලු වශයෙන් පැමිණෙනමින් තිබුනේ දුව ප්‍රදේශයේ කුඩා බෝට්ටු වලින් කරනු ලබන ගල් මාළු ඇල්ලිම පමණි.
අද දිනයේ ගල්මාළු තත්වය ගැන අප කළ විමසුමකදි පිටිපන ලෙල්ලමේ අයෙකු කියා සිටියේ අද පැමිණ තිබුනේ ඉතා කුඩා ප්‍රමාණයේ මිමැටි ස්වල්පයක් පමණක් බවත් ඒ කුඩා මිමැටිද කිලෝවක් රු 550 ක් පමණ වු බවත්ය.
මේ පසුබිම තුල හෙට දිනයේත් මිගමුවේ ලෙල්ලම පවතිනු ඇත්තේ පසුගිය දිනවල මෙන්ම මසුන්ගෙන් තොරවය.
එහෙත් ගල් මාළු ස්වල්ප ප්‍රමාණයක් හෙට උදයේත් ලැබෙනු ඇතැයි සිතිය හැකි වුවද අද පැවැති දැඩි සුළං තත්වය නිසා එයද තරමක් දුරට අවිනිශ්චිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here