හෙට පිණිස අනුර !

0
39

akd1අනුර සමග නීතිඥ හමුව

මහ ගොඩක් නීතිඥවරුන් නොසිටියත් සියයක විතර නීතිඥ කණ්ඩායමක් එදා ග්‍රෑන්ඩ් මොනාර්ක් එකට ආවා. අනුරාධපුරයෙන්, මාතරින්, රත්නපුරෙන්, ගාල්ලෙන්, නුවරින් හැම පැත්තකින් වගේ ඇවිත් සිටියා.

ජෙෆ්රි අලගරත්නම් සර් ඔහු මේ හමුවට එන්නට හේතු වෙච්ච කාරණා පැහැදිලි කලා. ඔහු කියන්නෙ රට වෙනස් වෙන්න ඕන කියල,

“ඒ වෙනස මේ තට්ටු මාරු දේශපාලනයට බැහැ , ඊට වඩා බරපතල වෙනසක් එන්න ඕන, අනුර එහෙම වෙනසක් කරන්න පුලුවන් නායකයෙක්” අලගරත්නම් සර්ගෙ අදහස.

හේමක සේනානායකත් කතා කලා. හේමක අධිකරණය ප්‍රතිසංස්කරණය විය යුතු යැයි කිව්වා, අධිකරණයේ භාවිතය ගැන ඔහුගේ අත්දැකීම් ඔහු ලස්සනට පැහැදිලි කලා.

අනුර දිසානායක සහෝදරයත් කතා කලා. ඔහු කතා කලේ ඔහු සතුව ඇති රට ගොඩ නැගීමේ ප්‍රතිපත්ති ගැන. ඊට පස්සෙ ඔහු සමග සංවාදයට සභාව විවෘත කලා. ඒක හරිම සක්‍රීයයි. ගොඩක් අය ප්‍රශ්න ඇහුවා, තමන්ගෙ යෝජනා ඉදිරිපත් කලා. ඔහු හැමදේටම උත්තර දුන්නා.

අනුර සහෝදරයත් එක්ක වැඩ සටහන ගැන ඉස්සෙල්ල දවසක කතා කලා. මම ඇහුව සංවාදයක් තියමුද කියල, ඔහු කිව්වෙ නීතිඥයන්ට දේශන අහල පුරුද්දක් නැහැ, කරලනෙ පුරුද්ද තියෙන්නෙ, ඒ නිසා ඒක අත්‍යාවශ්‍යයයි කියල.

සංවාදයෙන් පස්සෙ දවල් කෑම කවුරුත් එකට ගත්තෙ, අනුර එක්ක ඔක්කොම අය වගේ කතා කලා, ගොඩක් අය කතා කලේ අයියා කියල, වැඩිහිටියො සහෝදරය කියල හෝ නමින්ම කතා කලා. එහෙම කතා කරද්දි හිතෙන්නෙ ඒ අය අනුරට ඇති සමීප බව, සහෝදරත්වය. ඔවුන්ට අනුර දුරස් වුනේ නෑ, අනුරටත් එහෙමයි. දියුණු මානව සම්බන්ධතාවයන් කියන්නෙ ඒ වගේ සම්බන්ධකම් වලට.

ආපු අය සියල්ලම ගියේ සතුටින්, ඔවුන් යම් බලාපොරොත්තුවක් ඇතිවයි එතැනින් ගියේ.මිනිස්සු ජීවත් වෙන්න ඕන බලාපොරොත්තු ඇතුව, එතකොටයි ජීවත් වෙන්න අවශ්‍ය පරමාර්ථ ඇතිවෙන්නෙ, අනුර ඒ අයට ඒ බලාපොරොත්තුව දුන්නා.

ස්තූතියි සැමටම

-උපුල් කුමරප්පෙරුම-