( 7.35 pm ) හෙට(07) සිට දින 04ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබෙයි.ඒ අනුව නැවත මැනිං තොග වෙළඳපොල විවෘත කරනු ලබන්නේ එළඹෙන 11 වැනිදායි. වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් හෙට සිට දින 4 ක් පුරා මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර තිබේ.එමෙන්ම මැනිං වෙළඳපොලේ එළවළු තොග මිළද මේ වන විට මිල පාලනයකට යටත් කර තිබේ.
අද දෙරණ