හෙට සිට මීගමුවේ බිච් පාක් එක පාලනය කරන්නේ කව්ද ?

0
49

beach park 1මීගමුවේ බිච් පාක් එක මීගමුවේත් අවට ජනයාගේත් විවේකය ගතකරන්නට ඇති සුන්දර ස්ථානයක් වුවද එය මීගමුවේ දේශපාලනය තුල හරි මැද පිහිටා ඇති කේන්ද්‍රයකි.ඒ තරමටම එය වැදගත්ව ඇත්තේ එය පාලනය කිරිම සහ ඉන් අතිශය වරප්‍රසාදයන් භුක්තිවිදිම මීගමුවේ එක් පවුලක් හට පමණක් හිමිව තිබිමත් නිසාය.
එළඹෙන සෑම වසරකම පවතින් මිළට % ගණනක් පමණක් වැඩිකරමින් එය නැවත නැවත ලබාගන්නට මේ පවුල වරප්‍රසාද ලාභියෝ ම විය.
එහෙත් මෙම මෙහෙයුම පළමු වරට අභියෝයගයට ලක්කරමින් පළාත් පාලන කොමසාරිස්වරිය කියා සිටියේ  මහනගර සභාව විසින් ගෙන ඇති තින්දුව නිතිවිරෝධි බැවින් 2015 දෙසැම්බර් 31 දායින් පසුව එය ටෙන්ඩර කළ යුතුව බවය.
මීගමුවේ සම්පත් කෙසේ හෝ තමන්ගේ පාලනය යටතේ තබාගැනිමට වෙර දරන මේ පවුලේ ප්‍රබලයන් පසුගිය දින කීපය තුල හැම තැනම දුව පැන තිබුනේ මේ තින්දුව වෙනස් කර ගනිමින් පවුලේ අනසක යටතට තවදුරටත් එය තබාගැනිමටය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව මහනගර සභාවේ  කොමසාරිස්වරයා කියා සිටියේ  හෙට සිට එහි අදායම් එකතු කිරිම මහ නගර සභාව විසින් කරන්නේද යන්න අද සවස වන තින්දු කරන බවය.