මේ වන විට මදුරු උවදුර රට පුරා දරුණු වසංගතයක් වී ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2017 මාර්තු 29 දින සිට අප්‍රේල් 04 දින දක්වා සිසුන් හා දෙමාපියන්ගේ ශ්‍රම සහභාගිත්වයෙන් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසටත්, ඒ සදහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ සහයෝගය ලබාගන්නා ලෙසටත් සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත දැන්වීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ්‍යයේ වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් ප්‍රචාරනය කොට තිබේ.