හෙරොයින් ප්‍රවාහනය කළ බවට සැකකරන පොහොට්ටු මන්ත්‍රීගෙන් ප්‍රශ්න කිරීමට නියෝග

0
72

Image1-1 Image2ඊයේ (08) දංකොටුවේදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින්  හෙරෝයින් තොගයක් ගැන ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් හලාවත ප්‍රාදේශීය සභාවේ  පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු වන ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු  වැඩිදුර ප්‍රශ්න කිරීමට   සහ රඳවාගැනීමේ නියෝගයක්, මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී තරංගා මහවත්ත මහත්මිය විසින් අද සවස ලබාදෙන ලදී. මෙම හෙරොයින්  ප්‍රවාහනය කිරීමේ ජාවාරමට මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයාද සම්බන්ධ බවට සැකකරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රීයාත්වමකවෙමින් තිඛෙන බව වාර්තා වේ.


ඡායා- ප්‍රියප්‍රේම මාණික්කරත්න